spot_img
spot_imgspot_img

ගෝඨාභය ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව සහ මහජනතාව බංකොලොත් භාවයට පත් කිරීමට වගකිවයුතු පුද්ගලයකු වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබන අගෝස්තු 01 වැනි ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) නියෝග කළේ ය.

රට සහ මහජනතාව ආර්ථික අර්බුදයකට ඇද දැමූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන්න යැයි ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ පං පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

හිටපුප ජනාධිපතිවරයා අවසානයට පදිංචිව සිටි නිවසේ ලිපිනයට එම නොතීසි යවන ලෙස ද නියෝග කෙරිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන අයගෙන් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වෙයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!