spot_img
spot_imgspot_img

ස්ථානාධිපතිගේ බෙල්ල කපා හිස ගේන්න යැයි කී, මහේස්ත්‍රාත්වරියට එරෙහි නඩුව විභාගයට ගනී

පුවත්

විදෙස්

දෙයියන්දර පොලිස් ස්ථානාධිවරයාගේ හිස කපා රැගෙන එන්නේ නම් මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට මහේස්ත්‍රාත්වරියක විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ නඩුව විභාගය සඳහා පත්කළ විනිසුරුවරයා 25 වැනි දින අධිකරණයට නොපැමිණීම හේතුවෙන් එය අතිරේක දිසා විනිසුරු වෙත යොමකෙරිණි.

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි විසින් මෙවැනි උපදෙසක් සිය ආරක්ෂාවට යොදවා සිටි පොිස් නිලධාරීවරයාට ලබා දී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ. දෙයියන්දර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදේශ් නාලකගේ බෙල්ල කපා හිස රැගෙන පැමි‍ණියහොත් රුපියල් ලක්ෂ 35ක මුදලක්  දෙන බවට මහේස්ත්‍රාත් වරිය පවසා ඇතැයි පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙම පැමිණිල්ල විභාග කිරීම 25 වැනි දා නියමිතව තිබුණ ද ඒ සඳහා පත්කළ විනිසුරුවරයා අධිකරණයට පැමිණ නොසිටි බැවින් එම පැමිණිල්ල විභාග කිරීම අතිරේක දිසා විනිසුරු අනුරුද්ධිකා දිසානායක වෙත පැවරිණි.

මේ අතර චෝදනා ලැබ සිටින හිටපු මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි අධිකරණයේ පෙනී සිටියේ නැත.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අකරැස්ස පොලිසියේ පොලිස් සැරයන් 64454 සුනන්ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ හිටපු මහේස්ත්‍රාත්වරියගේ ප්‍රකාශයක් බා ගැනීමට හැකි බවයි. ඒ බව අධිකරණ සේවා කොමිෂන් සභාවට දන්වා ඇති බවත් ප්‍රකාශයක් සටහන් කර ගෙන වැඩිදුර වාර්තාවක් ගොනු කිරීමට දිනයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!