spot_img
spot_imgspot_img

වෛද්‍යවරයාගේ DNA, අනියම් ඇසුරක් සහ බිළිඳු ඝාතනයක් හෙළි කරයි ?

පුවත්

විදෙස්

ගෙල සිරකර මරා දමා තිබූ බිළිඳකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් එම දරුවාගේ පියා බව ජෛව විද්‍යාත්මකව සනාථ වූ වෛද්‍යවරයකු අද (26) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකි.

ඔහු මඩකලපුව ප්‍රදේශයේ නිවසක කුලී පදනම යටතේ සිය බිරිඳ සමඟ ජීවත් වූ 2017 වර්ෂයේ දී ඔවුන්ගේ නිවසේ සිටි මෙහෙකාරිය දරුවකු ප්‍රසූත කර ඇති බවයි. පසුව එම දරුවාගේ මළ සිරුර ළිඳකින් සොගත් අතර දරුවා ගෙල සිරකර මරා දමා ඇති බවට ද අනාවරණය වී තිබිණි.

2017 වර්ෂයේ සිදු වූ මේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වා ඇත. එම බිළිඳා ප්‍රසූතකල කාන්තාවගේ DNA සහ සැකකාර වෛද්‍යවරයාගේ DNA රැගෙන පරීක්ෂාවට ලක්කර තිබිණි. එමගින් අනාවරණ්‍ය වී ඇත්තේ දරුවාගේ ඩීඑන්ඒ සමඟ වෛද්‍යවරයාගේ ඩීඑන්ඒ සහ මෙහෙකාර කාන්තාවගේ ඩීඑන්ඒ ගැලපෙන බවයි. මේ අනුව ‍සැකකාර වෛද්‍යවරයා ඝාතනයට ලක් වූ බිළිඳාගේ ජෛව විද්‍යාත්මක පියා බව තහවුරු වී ඇත.

එම තොරතුරු අනුව තමන්ට දාව මෙහෙකාරියගේ කුසින් බිහි වූ දරුවා මරා දැමීයැයි සැකපිට වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබිණි. අද ඔහු අධිකරණයට ඉදිරිපපත් කිරීමෙන් පසු ලබන 08 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!