spot_img
spot_imgspot_img

“ජනපතිගේ මුක්තිය රනිල්ට දෙන්න එපා” හිටපු ජනපති අධිිකරණයෙන් ඉල්ලයි

පුවත්

විදෙස්

පාස්කු ඉරුදින ප්‍රහාරය නොවැළැක්විම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථාවෙන් ලැබෙන මුක්තිය ලබා නොදෙන්න යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණනයට අද (26) දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මේ දැනුම්දීම කර ඇත්තේ නීතිඥ ෆයිසර් මුස්තාපා විසිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම්  අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මෘදු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) විභාගයට ගැණීනි.

එම අවස්ථාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සුරේන් ප්‍රනාන්දු කියා සිටියේ මෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවයි.

ඒ අනුව, මේ පිළිබදව කරුණු දැක්වීම සදහා සියලු වගඋත්තරකරුවන්ට අවසථාව සලසා දෙන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් හෙට  කැදවීමට නියෝග කළේය.

මෙම පෙත්සම් ගොනුකරනු ලැබ තිබුණේ, ශ්‍රි ලංකා නිතීඥ සංගමය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දියන් වන තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන්, තකෝලික පියතුමන්ලා ඇතු`ථ පාර්ශ්ව 12ක් විසිනි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට කැබිනට් මණ්ඩලය, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුJ පිරිසක් නම් කරනු ලැබ සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!