spot_img
spot_imgspot_img

තෙල් බෙදන ක්‍රමයේ වෙනසක්

පුවත්

විදෙස්

ජාතික ඉන්ධන බලපත්‍රය (QR කේත ක්‍රමය) අනුව දිවයින පුරාම ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන්නේ ලබන 01 වැනි දා සිට බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

හෙට (26) දිනයේ දී ද තෝරාගත් සිපෙට්කෝ සහ IOC ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණක් අංක තහඩුවේ අවසන් අංකය සහ QR ක්‍රමය යන දෙකම සැළකිල්ලට ගනිමින් ඉන්ධන නිකුත් කිරීම සිදුවෙයි.

අගෝස්තු 01 වැනි දා දක්වා දිවයින පුරා  අනිකුත් සියලු ම ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක වන්නේ අංක තහඩුවේ අවසන් අංකයට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයයි. අගෝස්තු 01 වැනි දා සිට QR කේතය අනුව ‍ඉන්ධන ලබාදීම ආරම්භ කරන බැවින් ප්‍රමාණවත් තරම් ඉන්ධන බෙදා හැරීම සිදුකරන බව ද ඇමතිවරයා කීවේය. එබැබවින් ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචිවන ලෙස ද ඔහු මහජනතා‍වගෙන් ඉල්ලා සිටියි.

එමෙන් ම මේ සතිය අවසානයේ ව්‍යාපාර ලියාපදිංචිය අනුව බහු වාහන ලියාපදිංචි කීරීමට ද රජයේ ආයතනවලට විකල්පයක් ලබාදීමට ද කටයුතු කර තිබේ. විදුලි ජනන යන්ත්‍ර, ගෙවතු සහ වගා උපකරණ සහ වෙනත් උපකරණ ලියාපදිංචි ක්‍රමයක් ප්‍රාදේශීය ලේකම්වරු මගින් සැකසීමට ද සැළසුම් කර තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ත්‍රී රෝද රථ ලියාපදිංචි කිරීමේ ක්‍රමයක්ද සකසන බවයි. ඒ අනුව සෑම ත්‍රී රෝද රථයකට ම නිශ්චිත ඉන්ධන පිරවුම්හළකින් පමණක් ඉන්ධන ලබාගැනීමට අවවස්ථාව ලැබෙනු ඇත. බස් රථ ප්‍රවාහන අමාත්‍යාංශය මගින් ලියාපදිංචි කර ඒවා ද නිශ්චිත පිරවුම්හළකට පමණක් යොමුකිරීමට සැළසුම් කර තිබේ.

කෘෂිකාර්මික, ධීවර, සංචරක, කර්මානත් සහ සේවා සපයන අංශ සහ සෞඛ්‍ය අංශ්‍යටත් තම සේවාවන්ට අදාල වාහන සඳහා අවශ්‍යතාව අනුව පිරවුම්හල් තෝරා ගැනීමේ වැඩපිළිවෙලක් ද සැකසීමට තීරණය කර ඇත.

අමාත්‍යවරයා පවසන්නේ අගෝස්තු 01 වැනි දා සිට QR පද්ධති කෝටාව පමණක් ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව අංක තහඩුවේ අවසාන අංකය සහ අනෙකුත් ප්‍රතිපාදන අවශ්‍ය නොවන බව ද ඔහු පවසයි. මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික යොවුන් සේනාංකයේ සහ ජාතික තරුණ කවුන්සිලයේ සාමාජික සාමාජිකාවන් සහ ස්වේච්ඡා සේවකයන් ඉදිරි දින 10ක කාලයක් සඳහා යොදවා ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!