spot_img
spot_imgspot_img

ගාල්ලේ පුද්ගලික බස් වර්ජනයක්. මගින් දැඩි අසීරුතාවක

පුවත්

විදෙස්

ගාල්ලේ සියලු පුද්ගලික බස් රථ අද (23) උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව තිබේ. මේ හේතුවෙන් බස් මගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

පුද්ගලික බස් රථ සඳහා ගාල්ල ඩිපෝවෙන් ඉන්ධන ලබා දීම සිදුකළ ද එම ඩිපොවෙන් තමන්ට ප්‍රමාණවත් තරම් ඉන්ධන නොලැබෙන බවත් එහි කළමණාකරුවන් ඉන්ධන ජාවාරමක් නිරත වෙමින් වෙනත් වාහන සඳහා අධි මිලට ඉන්ධන විකුණන බවත් බස් හිමියෝ චෝදනා කරති.

එබැවින් ඩිපෝවෙන් ඉන්ධන ලබා නොදී ගාල්ලේ වෙනත් ඉන්ධන පිරවුම්හළකින් තමන්ට අවශ්‍ය ඩීසල් ලබාගැනීම සඳහා අවස්ථාව දෙන ලෙස ඉල්ලා බස් සේවකයෝ මෙලෙස ධාවනයෙන් ඉවත්ව සිටිති.

අද ගාල්ල බස් නැවවතුමේ පුද්ගලික බස් රථ දක්නට නැති අතර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ පමණක් ධාවනය වන ආකාරය දැකිය හැකිවිය. පුද්ගලික බස් රථ සේවකයන් පවසන්නේ මේ ගැටලුවට කඩිනම් විසඳුමක් නොලැබෙන්නේ නම් තම බස් රථ නවතා ගාල්ල ප්‍රධාන බස් නැවතුම් පොළ අවහිර කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!