spot_img
spot_imgspot_img

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සැළසුම්. අරගලකරුවන් සමඟත් සාකච්ඡා

පුවත්

විදෙස්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සති දෙකක් හෝ තුනක් ඇතුළත ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බව දේහපාලන ආරංචිමාර්ග සඳහක් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා නිශ්චිත කාල සීමාවක් යටතේ සියලු දෙනාට එකඟවිය හැකි වැඩපිළිවෙලක් අනුව රජයේ කටයුතු පවත්වාගෙන යාමටත් ඒ සඳහා අරගලකරුවන් සමඟ ද සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමටත් ආණ්ඩුවේ අවධානය යොමුව ඇත. ඒ පිළිබඳ ඉදිරි දින කිහිපයේ දී අරගලකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් රැසක් සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳ එකඟතා රැසකට ද එළැඹ ඇතැයි වාර්තා වේ.

සමගි ජන බලවේගයේ පිරිසක් ද නව සර්වපාක්ෂික ආණ්ඩුවේ ඇමති ධූර බාර ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. ‍

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ දී කැබිනට් අමාත්‍යධූර 30ක් සහ රාජ්‍ය අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යධූර 30ක් ලබා දීමට ද සැළසුම් කර ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍යධූරය දිගටම ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තබාගන්නා බව ද ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු තහවරු කරයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!