spot_img
spot_imgspot_img

ගාලු මුවදොර, අලුයම ප්‍රහාරය පිළිබඳ කරුණු දැක්වීමක්

පුවත්

විදෙස්

ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලාගෙන සිටි පිරිසකගෙන් මුදා ගැනීමට කටයුතු කළේ මුළුමනින් ම නීත්‍යානුකූළ ක්‍රමවේදයට අනුව යැයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් එම නිවේදනය මගින් පවසන්නේ අද (22) අලුයම පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව මෙහෙයුමක් සිදුකරන ලද්දේ අරගලකරුවන් අතරින් පිරිසක් බලහත්කාරයෙන් දින ගණනක් ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලාගෙන සිටි බැවින් එය මුදවා ගැනීම සඳහා බවයි.

සාමකාමී අරගලකරුවන්ට පොලිසිය ඇතුළු ආරක්ෂක හමුදා පහර දීමට කිසිදු උත්සාහයක් නොගත් බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි පිරිස ඉන් ඉවත්කරද්දී ඔවුන්‍ කලහකාරී ලෙස හැසිරීම නිසා පාලනය කරමින් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බවත් පොලිසිය පවසයි.

එම නිවේදනයේ මෙලෙස ද දැක්වේ.

“පසුගිය ජූලි 09 වැනි දා සිට ජනාධිපති ලේකම් කාර්යාලය තුළ රැඳී සිටිමින් එය ඔවුන්ගේ පරිශ්‍රයක් බව හඟවමින් එම ස්ථානයට යන ආරක්ෂක නිලධාරීන්ට පවා බාධා කරමින්, පරිභව කරමින් කටයුතු කළ අතර පොලිස් නිලධාරීන් පවා ඔවුන් සිටින ස්ථානවලට ගිය අවස්ථාවල දී එම නිලධාරීන්ට ද ඔවුන් සිටි ස්ථානවලින් ඉවත් වන ලෙසට දැනුම් දෙන අවස්ථා දක්නට ලැබිණි. රාජ්‍ය පාලනය සඳහා ඉතාමත් වැදගත් පරිශ්‍රයක් වූ ජනාධිපති ලේකම් කාර්යාලය නීති විරෝධී ලෙස අත්පත් කරගෙන තිබිණි. මෙම පරිශ්‍රය නැවත ඉල්ලා සිටිය ද නොයෙකුත් කොන්දේසි ඉදිරිපත් කරමින් ඔවුන් වින්ස විවිධ දින වකවානු නියම කරමින් මෙම ස්ථානයේ රැඳී සටිීමට උත්සාහ කරන බව ආරක්ෂක අංශ නිරීක්ෂණය විය.”

පොලිසිය පවසන්නේ ජූලි 14 වැනි දා සහ 18 වැනි දා පොලිස් නිධාරීණ් එහ පැමිණ එහි රැඳී සිටින පුද්ගලයන් හමු වී ඉවත්වන ලෙස ඉල්ලා සිටි බවයි. නමුත් එම අවස්ථාවල දී ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරමින් ආවේගශීලීව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ප්‍රතිචාර දක්වා තිබුණු බව ද පොලිසිය සඳහන් කරයි.

කොටුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාත් මෙම පිරිස හමු වී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සාමකාමීව ඉව්තවන්න යැයි ඉල්ලා සිටි බව ද එම නිවේදනයේ දැකවෙයි. නමත් එම ඉල්ලීම ද ඔවන් විසින් ඉවත දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මේ සම්බන්ධව එම නිවේදනයේ දැක්වෙන්නේ මෙලෙසිනි.

“සියලු තත්වයන් සළකා බැලීමෙන් පසු විකල්ප ක්‍රියාමාරග නොති බූ බැවින් මේ ආකාරයට විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්කරන  ලද අතර විරෝධතාවයේ යෙදීමට අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නීත්‍යානුකූල හා සාමකාමී විරෝධතාවයේ යෙදෙන ලෙසට ඔවුන්ට දැනුම් දෙන ලද අතර තර්ජනය කරමින් බලපෑම් කරමින් ප්‍රචණ්ඩත්වය හෝ කලහකාරීත්වය මුදා හරිමින් මහජන සාමයට බාධා හා හිරිහැර වන අයුරින් කටයුතු කළහොත් මහජන සාමය පවත්වා ගැනීම සඳහා ඊට එරෙහිව නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට සිදුවන බව ද අවධාරණය කරන ලදී.”

පොලිසිය පවසන්නේ ඔවුන් එසේ අද (22) අලුයම ඉවත්කිරීමේ දී ප්‍රතිවි‍රෝධයක් දැක්වූ විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා යම් ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක නිලධාරීන්ට සිදුවූ බවයි. නීත්‍යානුකූළව විරෝධතා කරුවන් කටයුතු කරන්නේ නම් එවැනි බලය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවන බව ද ඔවුන් ඉවත්කරන ලද්දේ නීත්‍යානුකූලව බව ද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් නිලධාරීන් මෙම විරෝධතාකරුවන් අතරට ගිය අවස්ථා ගණනාවක දී  සාමකාමී ලෙස ඉවත්වන්න යැයි කරන ලද ඉල්ලීම් නොතකමින් කලහකාරී ලෙසත්, නිලධාරීන්ට හිරිහැර බාධාවන ලෙසත් අපහසුතාවකට පත්වන ලෙස හැසිරෙන ආකාරයත් දැක්වෙන වීඩියෝ පටයක් ද පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබේ. එය පහතින් දක්වා ඇත.

මහජනයාට පීඩාකාරී වන සහ බාධා වන අයුරින් සාමය කඩවන අවස්ථාවල දී පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිම අවස්ථාවක පසුබට නොවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

1 COMMENT

  1. රටට වෙන බාදාව නොකියන දෙරණ..
    ඉස්සල්ල ඔය නම අය්න් කරගන්න..
    නමටත් ලැජ්ජාවක්…
    තව කඩේ යමන්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!