spot_img
spot_imgspot_img

අගමැති පත්කරන්න තමන්ට බැරි බව ජනාධිපති කියයි

පුවත්

විදෙස්

වත්මන් ක්‍රමය වෙනස් කළ යුතුයැයි කියන තරුණයන්ගේ අදහස්වලට ඇහුම්කන් දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (20) සවස හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් කීවේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

“අපි විරුද්ධවාදී දේශපාලනයේ යෙදෙන්නේ ඇත්තටම රට නැති කරන්නන ද ? මේ ප්‍රශ්නය තරුණ අය අහනවා. ඒක වැදගත් ප්‍රශ්නයක්. මමත් ඒ ගැන හිතලා තියෙනවා. අපි මේ ක්‍රමය වෙනස් කරලා තරුණ අදහස් අනිත් අදහවලට ඇහුම්කන් දෙන්න ඕනෑ. අරගලය කිව්වේ අද තියෙන ක්‍රමවේදයට විරුද්ධව ගෙනියන අරගලයක්. ඒ අය කියන්නේ මේ හැම අංශයක් ම වෙනස් කරන්න කියලා. ඒ නිසා සාමකාමී අරගලය කරන අයට ඒ අදහස් ප්‍රචාාරය කරන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේම අපිටත් පුළුවන් ඒවාට උත්තර දෙන්න. නිශ්ශබ්දව ඉන්න අයගේ අදහසුත් අපි ගන්න ඕනේ. ඒත් මේක මුවාවෙන් අරගලය කිය්නනේ ආණ්ඩුවක් පෙරළන්න, ගෙවල් ගිනි තියන්න, ජනාධිපති කාර්යාල අගමැති කාර්යාල අරගෙන යනවා කියන එක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඒක නීතියට විරුද්ධයි. ඒ වගේ නීතිය විරුද්ධ වැඩ කරන අයට විරුද්ධව අපි වැඩ කරනවා. අරගලය කියලා තරුණනයන්ට අනාගතයක් හදන්න ඕන නම් මම ඒකට සම්පූර්ණ සහය දෙනවා. මම සාමකාමී අයට දැනටමත් ඒ බව කියලා තියෙනවා. නමත් අද සාමකාමී අය යටකරලා තියෙනවා. සාමකාමී අයට අදහස් ප්‍රකාශ කරන්න තව වේදිකාවක් හරි මම හදලා දෙන්නම්. ව්‍යවස්ථාව අනුව අගමැති කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහයෝගය තියෙන කෙනෙක්. මගේ පක්ෂයේ ඉන්නේ මම විතරයි. ඉතින් අගමැති පත්කරන්න මට බෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!