spot_img
spot_imgspot_img

රනිල්ට එරෙහි මාරාන්තික උපවාසය අතහැර දමති. අරගලකරුවෝ දැන් කියන කතාව

පුවත්

විදෙස්

රනිල් වික්‍රමසිංහට ධූරයෙන් ඉවත්වන්න යැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිපට අරගලකරුවන් දෙදෙනකු විසින් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (20) රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔවුන් විසින් අතහැර දමා තිබේ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පසුගිය 15 වැනි දා දිවුරුම් දීමෙන් පසු ඔවුහු මේ උපවාසය ආරම්භබ කළහ.

ගාලු මුවදොර අරගලකරුවන් පවසන්නේ තම විරෝධතාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යන බවයි. සිය අරමුණ ඉටුවන තුරු එය නොනවත්වන බව ද ජනතා අපේක්ෂාවන් ඉටුකරන්න ඉල්ලීම් කරද්දී අරගලියේ ප්‍රධාන ඉල්ලීම වූයේ ගෝඨාභය සහ රනිල් දෙදෙනාම ගෙදර යැවීම බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවීමෙන් ජනතා පැතුම් ඉටු නොවන බවත් අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අරගලකරුවන් වෙනුවෙන් අදහස් දැක්වූ රංගන ශිල්පී ජගත් මණුවර්ණ කියා සිටියේය.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස ඔවුන් පිළිනොගන්නා බවයි. එබැවින් තම විරෝධතා අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ඔවුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!