spot_img
spot_imgspot_img

“ආදරේ රන් බිඟුන් මරන්න” කිසිම සම්බන්ධයක් නැති බාඳුරා මල

පුවත්

විදෙස්

“ආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි ලඳේ”

මේ පද පේලිය ඔබත් රසවිදින්න ඇති ජීවිතයේ එකම එක වතාවක් හෝ.

මේ ඉතා රසවත් ගීතය ගායනා කරන්නේ මර්වින් පෙරේරා

නමුත් ඔබ මේ උදාහරණය ගැන මොහොතක් හෝ සිතුවා ද ?

බාඳුරා කියූ විට ඔබට මතකයට නැගෙන්නේ බිඟුන් (මී මැස්සන්) වැනි කුඩා කෘමීන් මරණයට පත්කරන කෙණ්ඩියක්.

අපේ පාසල්වලත් බාඳුරා ගැන උගන්වනවා.

ඒ විද්‍යාව පාඩමට

සතුන්ට උගුලක් වෙච්ච බාඳුරා කෙණ්ඩිය මලක් ද ?

නෑ.

බාඳුරා කෙණ්ඩිය කියන්නේ මලක් නෙවෙයි ඒ පත්‍රයක් විකරණය වෙලා හැඳුණු දෙයක්.

එහෙනම් බාඳුරා මලට අර ගීතයේ කියන්න වගේ සතුන්ව මරන්න පුළුවන් ද ?

බෑ. කවදාවත් බැහැ.

බාඳුරා මලෙත් විශේෂත්වයක් තියෙනවා.

බාඳුරා මල් ගැහැණු මල සහ පිරිම මල කියල දෙකක් තියෙනවා.

ඉතිං නැවත වතාවක් මේ ගීතය රස විඳින වෙලාවක rata.lk දවසේ කතාවත් පොඩ්ඩක් මතක තියාගන්න.

(සංකල්පය – භාතිය ගොපල්ලව)

බාඳුරා පිරිමි මල
බාඳුරා ගැහැනු මල
කෘමි සතුන්ට උගුලක් වන බාඳුරා කෙණ්ඩිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!