spot_img
spot_imgspot_img

රාජපක්ෂවරු ඩුබායි පනින්නේ ඇයි? පැන්ඩොරා කතා ඇත්ත නිසා ද ?

පුවත්

විදෙස්

ජනතා උද්ඝෝෂණ අනුව ශ්‍රී ලංකාවෙන් පළායාමට සිදුවූ ගෝඨාභය රාජපක්ෂ සිය අවසන් ගමනාන්තය ලෙස දැනට තෝරානෙ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බව වාර්තා වේ. දැනට ඔහු සිංගප්පූරුවේ රැඳී සිටියි.

පර්සියානු සහ ගල්‍ෆ් මූල්‍ය කේන්ද්‍රයන් සමඟ රාජපක්ෂ පවුලේ සබඳතා මේ වනවිට නැවත වතාවක් පැන්ඩොරා ‍පත්‍රිකා මගින් නැවත සිහිපත් කර ඇත.

පසුගිය අඟහරුවාදා ඩුවායි වෙත ගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාණිජ මධ්‍යස්ථානක් වෙත යමින් සිටි රාජපක්ෂ පවුලේ ඥාතීන් කිහිප දෙනකු විරෝධතාකරුවන් විසින් ගුවන් තොටුපොළේ දී දැක්වූ විරෝධතාවක් හේතුවෙන් නවතා දැමුණු බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කර තිබිණි. අඟහරුවාදා (13) ඉල්ලා අස්වනු ඇතැයි විශ්වාස කළ රාජපක්ෂ හමුදා ගුවන් යානයකින් මාලදිවයිනට පලාගිය අතර පසුව ඩුබායි බලා යනු ඇතැයි විශ්වාස කෙරණි. නමුත් ඔහු 14 වැනි දා සිංගප්පූරුවට පැන ගත්තේය.

දශක දෙකකට ආසන්න කාලයක් රටේ දේශපාලන ආධිපත්‍යය හිමිකරගෙන සිටි රාජපක්ෂ පවුලේ අතිවිශාල ධනස්කන්දය,  ඉන්ධන ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල තිරණාත්මක හිඟය ශ්‍රී ලංකාවට මුහුණ දී සිටින හෙයින් මාර්තු මාසයේ සිට රටම විරෝධතාවල ගිලී යන්නට විය.

රාජ්‍ය රමුදල් වැරදි ලෙස කළමනාකරණය කිරීම ඉහළ පෙළේ දේශපාලන ඉල්ලා අස්වීම් මාලාවක් හේතුවෙන් ජනාධිති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරා වූ එවකට අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් හුදකලා වූයේය. මහජන උද‍්‍ඝෝෂණ අවසන් වූයේ සෙනසුරාදා (09) දහස් සංඛ්‍යාත විරෝධතා කරුවන් ජනාධිපතිගේ සහ අගමැතිගේ මන්දිරවලට බලහත්කාරයෙන් ඇතුළු වී ඒවා අතපත් කරගැනීමෙන් පසුවය.

ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙහෙවන ලද මූල්‍ය භාවිතා පිළිබඳ විශේලේෂණ දැක්වෙන පැන්ඩොරා පේපර්ස් මගින් පසුගිය දා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුගේ සැඟවුණු වත්කම් හෙළිදරව් කෙරිණි. රාජපක්ෂ පවුලේ ඥාතියකු වන නිරූපමා රාජක්ෂ සහ ඇගෙග් සැමියා වන ව්‍යාපරික තිරුකුමාරු නඩේසන් ඇමෙරිකානු ඩොලර් බිලියන 18කට ආදායම් උපදවාගත් ආකාරයත්, ලන්ඩන් සහ සිඩ්නි වැනි නගරවල සුඛෝපභෝගී දේපළ හිමිකරගෙන ඇති බවත් එම ලේඛනවල දැක්විණි.

පැන්ඩොරා පත්‍රිකා මගින් පෙන්න්නේ නිරූපමා රාජපක්ෂට සහ ඇගේ සැමියාට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දේපළවලට රහසිගත හිමිකාරීත්වයක් ඇති බවයි.

රහෂ්‍ය ලිපිගොනු මිලියන 11.9ක් අනාවරණය වීමෙන් උපයෝගීතා බිල්පත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නේවාසික හැඳුනුම්පත් සහ 2019 වන විට නඩෙසන් සහ නිරූපමා යුවළගේ දරුවන් දෙදෙනාට ඩුබායි හි පදිංචිකරුවන් බව පෙන්වන වෙනත් වාර්තා ඇතුළත් වේ. එම ලේඛන මගින් මොවුන් අහස උසට ගොඩනැගී ඇති තට්ටු නිවාස සංකීර්ණයකට සම්බන්ධ කළ ද ඔවුන්ට ඒ දේපළ අයිති දැයි පැහැදිළිව දක්වන්නේ නැත.

2016 වර්ෂයේ දී මෙම ලිපිගොනුවල ව්‍යාපාරිකයකු ලෙස හදුනාගෙන ඇති නඩේසන්, ඔහුගේ ෂෙල් සාමගමක් සඳහා බැංකු ගිණුමක් විවෘථ කිරීම සඳහා වූ අයදුම්පත්‍රයේ තවත් ඩුබායි ලිපිනයන් තම නිවස ලෙස සටහන් කර තිබේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් ජනාධිපති සහ අගමැති ව සිටි රාජපක්ෂ සොහොයුරන් දෙදෙනාට ම ඉල්ලා අස්වීමට සිදුවීම වරින් වර රටේ ඉහළම තනතුරු වරස ගණනාවක් තිස්සේ ඥාතීන් සහ හිතවතුන් අතර හුමාරු කරගත් රාජපපක්ෂලාගේ සමීපපත ම ඥාතීන්ය. මේ යුවළ පිළලිබඳ පැන්ඩොරා පේප්රස් පිළිබඳ හෙලිදරව්වෙන් පසු එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ ගැන සෙවීමට කොමිෂන් සභාවක් ද පත්කළේය. නමුත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය අනුව එම විමර්ශනය ආරම්භ වී නැත.

මේ පරික්ෂණන අතරතුර නිරූපමා රාජපක්ෂ එක් වරක් හෝ ඩුබායි වෙත ගොස් ඇතැයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කළේය. හෙලිදරව්වී ඇති තොරතුරුවලට අනුව එමිරේට්ස් හි පදිංචිව සිටින තම පුත්‍රයා ගේ ඉන්ස්ටර් ග්‍රෑම් ගිනුමේ ඡායාරූප ද එහි දී සාක්ෂි ලෙස ඉදිරිපත් කරයි.

මේ පිළිබඳ තහවුරු කරගැනීම සඳහා ඔහුට ඉන්ස්ටර්ග්‍රෑම් හරහා යවන පණිවිඩවලට පුත්‍රයා, නිරූපමා හෝ නඩේසන් යන තිදෙනාගෙන් ම කිසිවෙකුත් ප්‍රතිචාර දක්නවන්නේ නැත.

වෙනත් රටවල නීතියම පද්ධතිය තුළ වංචාකාරී ව්‍යාපාර සඳහා දැඩි නීති හඳුන්වාදීමත් සමඟ මෑත කාලීන ව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අයථා දනය සැඟවීමටත් අනවසර වෙළෙඳ කටයුතුවලටත් අපරාධකරුවන්ටත් ජනප්‍රිය ගමනාන්තයක් වී තිබේ.

පැන්ඩොරා පත්‍රිකා විමර්ශනයේ කොටසක් ලෙස පෙන්වා දෙන්නේ ෂෙල් සමාගම සිය අයිතිකරුවන්ගේ අනන්‍යතාව හෙළි නොකරන බවයි. එමෙන් ම ඔවුන්ට සැඟවීම සඳහා රැකවරණ සපයන අභ්‍යන්තර නිදහස් වෙළඳ ප්‍රදේශ දුසිම් ගණනක් එහි ඇත. මූල්‍ය අපරාධ, රන් ජාවාරම්, ආයුධ ජාවවාරම් මෙන් ම වෙනත් රටවල අපරාධවලට සම්බන්ධ මුදල් ගනුදෙනු එහි දී සිදුකළ හැකිවේ. එය ඉතාමත් නපුරු ප්‍රවේශයක් බව පැන්ඩොරා පේපර්ස් පෙන්වා දෙයි.

ලෝක ආර්ථික නිරීක්ෂකයන් පවසන්නේ ඩුබායි හි දේපළ වෙළෙඳ පොළෙන් 27%ක් ම විදේශිකයන් සතු බවයි. ඒ වැඩි ප්‍රමාණයක් ගැටුම් පවතින රටවල සහ අත්ත‍නෝමතික පාලනයක් පවතින පුරවැසියන්ගේ ය.

2020 වර්ෂය වනවිට රහෂ්‍ය දේපළ දත්ත මත පදනම් වූ නිරික්ෂණවල වාර්තා ඇනුව අවම වශයෙන් ශ්‍රී ලංකිකයන් 408 දෙනකුට ඩුබායි හි දේපොළ 590ක් හිමිවී ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනකි.

ප්‍රංශය පදනම් කරගත් මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය පවසන්නේ ඉහළ අවදානම් සහිත මුදල් විශුද්ධිකරණයේ තර්ජන පසුපස හඹා යාමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ ඵලදායී මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශන සහ පැවරීම්වලට තිරසාර වර්ධනයක් පෙන්නුම් කිරීමට අවශ්‍ය බවයි.

2015 සහ 2019 අතර කාලයේ රාජපක්ෂවරුන්ගේ පාලනය රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් විමර්ශනය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විමර්ශකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඩොලර් මිලියන සිය ගණණක් ඩුබායි බැංකු ගිණුම්වල තැන්පත් කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ. නමුත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මෙන්ම ඔවුන්ට එරෙහිව විමර්ශනය කළ අය ද එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

එසේ වුව ද විමර්ශන නම් විධිමත් සහ විනිවිදභාවයකින් සිදුවූයේ නැති බව ජනතාව දනිති.

https://www.icij.org/investigations/pandora-papers/as-sri-lankas-ruling-rajapaksas-flee-pandora-papers-reveal-ties-to-uae-properties/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!