spot_img
spot_imgspot_img

අරලියගහ මන්දිරයේ ගුල් හාරා වනසයි. කැමරා සොරකම් කරලා

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ නිල නිවස්න ලෙස භාවිතා කරන අරලිගහ මන්දිරය ට ද එහි පැමිණි පිරිස් විසින් දැඩි අලාභහානි සිදුකර ඇතැයි වාර්තා වේ.

එහි ඇති අගමැති මාධ්‍ය ඒකකයේ තිබූ ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ සොරාගෙන ඇතැයි අගමැති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් කොල්ලුපිටිය ‍පොලිසියට පැමිණිලි කර තිබේ.

එහි තිබූ ලැප්ටොප් දෙකක්, වීඩියෝ කැමරාවක්සහ තවත් කැමරා උපකරණ රැසක් මෙලෙස සොරගෙන ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ. රනිල් වික්‍රමසිංංහ අගමැතිධූරයට පත්වීමෙන් පසු ඔහු අරලියගහ මන්දිරයේ පදිංචි නොවී සිය පුද්ගලික නිවසේ ම පදිංචිව සිටියේය. එබැවින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ කොටසක් එම ගොඩනැගිල්ලේ තිබිණි.

මාධ්‍ය ඒකකය පවසන්නේ අරලියගහ මන්දිරයේ බිත්ති අතර ගුල් හාරා ඇති බවයි. සියලු දොර අගුල් කඩා දමා ලියකියවිලි පවා විනාශ කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!