spot_img
spot_imgspot_img

මුහුදු රළ, කොළඹ ගාලු පාර වසා දමයි

පුවත්

විදෙස්

මුහුදු රළ ඉතාමත් දරුණු ලෙස ගොඩබිමට පැමිණීම හේතුවෙන් අම්බලන්ගොඩ මාදම්පේ සිට තෙල්වත්ත දක්වා කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය වසා දැමීමට සිදුවූ බව පොලිසිය පවසයි.

අද සවස නිරිතදිග මෝසම් සුළං වඩාත් තීව්‍ර වීම හේතුවෙන් නිරිතදිග වෙරළ තීරයේ අම්බලන්ගොඩ, කහව, තෙල්වත්ත, හික්කඩුව, ගාල්ල, වැලිගම, මිරිස්ස, මාතර ආදී ප්‍රදේශ රැසකට මුහුදු රළ වඩාත් උස්ව නැගිණි. මේ හේතුවෙන් මාර්ග රැසක් මුහුදු ජලයෙන් යට වූ අතර වෙරළ අයිනේ නවතා තිබූ බෝට්ටු පවා මහා මාර්ගයට පැමිණ තිබිණි.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධයක්ෂ කර්නල් ප්‍රසාද් කරුණාරත්න කියා සිටියේ මේ වනවිට ප්‍රදේශ ගණනාවක මුහුදු රළ ගොඩබිමට පැමිණ ඇති බවයි. සුළං තත්වය වරින් වර වැඩිවන බැවින් ඒ පිළිබඳ අනතුරු අඟවා ඇති බව ද හෙතෙම කීවේය.

මේ උදම් රළ තත්වය රාත්‍රී කාලයේ දී දරුණු ලෙස නැවත ඇතිවිය හැකි බැවින් මුහුදු බඩ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසත් මුහුදු යාමෙන් සම්පූර්ණයෙන් ම වළකින ලෙසත් ඉල්ලා සිටියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!