spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ ‍‍පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (29) දිනයේ ගනුදෙනු 8,168 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 778 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක,53කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,365ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 199
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 149
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 61

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 6.3
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිිලයන 4.4
  • ඇක්සස් ඉංජිනියරින් සමාගම කොටස් මිලියන 2.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙංකඩගල ෆිනෑන්ස් සමාගම  23%
  • එස්එන්බී ලීසිං සමාගම 20%
  • නේෂන් ලංකා  බැංකුව 20%

සංවෘත කවය තුළ කෙටස් ගනුදෙනු වූ සමාගම්

  • ප්‍රින්ට් කෙයාර් සමාගමේ කොටස් මිලියන 2ක් රුපියල් 30.00 බැගින්
  • ඇක්ස්සස් ඉංජිනියරින් සමාගමේ කොටස් මිලියන 2.5ක් රුපයල් 10.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගමේ කොටස් මිලියන 1.7ක් රුපියල් 68.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 342
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 168

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 43ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 35ක මුදලක් කොටස් වෙළෙඳ පොළට අද එකතු කර තිබේ

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • වැලිබල් ෆනෑන්ස් සමාගම රුපියල් මිලියන 25
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 10
  • ඇස්කොට් සමාගම රුපියල් මිලියන 2.1

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හේකාබ් සමාගම රුපියල් මිලියන 5.8
  • ඇක්සස් ඉන්ජිනියරින් සමාගම රුපියල් මිලියන 0.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!