spot_img
spot_imgspot_img

ගාල්ලේ ළමා නිවාසයකින් පැන ගිය දැරියන් දෙදෙනකු, මුහුදට පැනලා

පුවත්

විදෙස්

ගාල්ලේ, බද්දේගම, හල්පාතොට ළමා නිවාසයේ රඳවා සිටි දැරියන් දෙදෙනකු එම ස්ථානයෙන් පැනගොස් මුහුදට පැනීමට සූදානම් වෙද්දී අවට සිටි පුද්ගලයන් විසින් බේරාගෙන පොලිසියට බාර දී තිබේ.

එක් දැරියක් කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබිණි.

16 වැනි වියේ පසුවන මෙම බාලවයස්කාර දැරියන් දෙදෙනා අධිකරණ නියෝගයක් මත හල්පාතොට ළමා නිවාසයේ රඳවා සිටිබව ද වාර්තා වේ.

ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ පසුගිය 25 වැනි දා සවස නිවාසයෙන් හොර රහසේ ම පිටත් වූ කුමාරකන්ද දක්වා පයින්ම පැමිණි බවයි. එතැන් සිට බසයකින් ගාල්ල නගරයට පැමිණි බව ද ඔවුන් පවසා තිබේ. බසයේ සිටි මේ දෙදෙනා ගැන සැක සිතූ කොන්දොස්තරවරයා ඔවුන් පොලිසියට කැඳවාගෙන යද්දී කොන්දොස්තරවරයාගෙන් මිදී මුහුද දෙසට දිව ගොස් තිබේ.

මෙලෙස දිවගිය දෙදෙනාගෙන් එක් දැරියක් මුහුදට පැන ඇති අතර අනෙක් දැරිය අවට සිටි අය විසින් අල්ලාගෙන තිබේ. අනතුරුව මුහුදේ රළ සමඟ පොරබදිමින් සිටි අනෙක් දැරිය ද ගොඩට ගෙන පොලිසියට බාර දීමට කටයුතු කර ඇත.

බද්දේගම හල්පාතොට ළමා නිවාසයේ පාලනය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි චෝදනා එල්ලවෙමින් තිබේ. එහි සිටි දරුවන් 10 දෙනකු සමූහ අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුව ද ඒ ගැන බලධාරීන් මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගෙන නැත.

අධිකරණය මගින් දරුවන් ආරක්ෂාවට බව සඳහන් කරමින් හල්පාතොට නිවර්තන නිවාසයට දරුවන් යොමු කළ ද ඔවුන්ට නිසි ආරක්ෂාව නොලැබෙන බවට චෝදනා එල්ල වුව ද බලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නැත.

හල්පාතොට ළමා නිවාසයේ දරුවන් සමූහ අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධ පුවත මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!