spot_img
spot_imgspot_img

A 3ක් ගත් සිසුවාට, වසර 04කට පසු, අධිකරණයෙන් සරසවි වරම් දෙයි

පුවත්

විදෙස්

උසස් පෙළ විභාගයේ දී ලබාගත හැකි ඉහළම සුදුසුකම වූ ඒ සාමාර්ථ 03ක් ලබාගත් සිසුවකුට විශ්වවිද්‍යාල වරම් අහිමිකිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභබාව ඇතුළු බලධාරීන් සිසුවකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගේ එකඟතාව ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණන විනිසුරු එස්.තුරයිරාජා විසින් පසුගිය 09 වැනි දා මේ තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී. එහිි දී අධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කර ඇත්තේ එම සිසුවා ඉදිරි වර්ෂයේ දී සුදුසු විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගනන්ා ලෙසයි.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ තිස්සමහාරාමයේ පදිංචි මලිත් සචින්ත නමැති සිසුවකු විසිනි. ඔහුට රුපියල් ලක්ෂ 05 නඩු ගාස්තුවක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. එම මුදල මාස 06ක් ඇතුළත සිසුවාට ගෙවිය යුතුව තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා, ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා ඇතුළු 05 දෙනකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

2018 වර්ෂයේ දී කලා විෂය ධාර‍ාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි තමන් ඒ සාමාර්ථ තුනක් ලබාගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 04 වැනි ස්ථානයටත්, සමස්ත ලංකාවෙන් ම 99 වැනි ස්ථානයටත් තේරී පත්වූ බව සිසුවා සඳහන් කර ඇත.

ඒ අනුව තමන් යාපනය, කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල නීති පීඨයට ඇතුළත්වීමට අයදුම්පත්‍ර යොමුකළ ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එම අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කළ බව සිසුවා සිය පෙත්සම මගින් දන්වා තිබිණි. තමන්ගේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබුණේ ගාල්ල, ලබුදූව උසස් ජාතික තාක්ෂණ ආයතනයේ සංචාරක සහ සත්කාර ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා තමා ලියාපදිංචිවී සිටින බව දැනුම් දෙමින් යැයි ද ඔහු කියයි.

නමුත් පෙත්සම් කරු අධිකරණයට දැනුම් දී ඇත්තේ එම පාඨමාලව සඳහා තරඟ විභාගයකට තමන් පෙනී සිටිය ද එහි කිසිම පාඨමාලාවකට ලියාපදිංචි වී නොසිටි බවයි. එසේ වුව ද ලබුදූව උසස් ජාතික තාක්ෂණ ආයතනයට ගොස් සොයා බැලූ විට තම නම වැරදීමකින් එහි පරිගණක පද්ධතියට ඇතුළත්ව ඇති බව ද දැනගන්නට ලැබුණු බව ඔහු පෙපන්වා දී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ ද ඔවුන් පෙර තීරණය නවැත වෙනස් කළ නොහැකි බව දැනුම් දී තිබේ.

මේ කරුණු සළකා බැලූ අධිකරණය වගඋත්තරකරුවන් විසින් වසර තුනක කාලයක් එම සිසුවාට අධ්‍යාපනය ලැබීමට තිබූ අයිතිය අහිමි කළ බවට තීරණය කර තිබේ.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) විධිවිධාන අනුව පෙත්සම්කාර සිසුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ද තීරණය විය.

නීතිඥ සුනිල් කුරේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවේන නීතිඥ තනුක නන්දසිරි සහ රජයේ නීතිඥ සුරේකා අහමද් පෙනී සිටියහ.

(නෙල්කා මැදගෙදර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!