spot_img
spot_imgspot_img

ඩොලර් කෝටි 13.2 ක් කෘෂිකර්ම අමාත්‍යාංශය අපතේ යවලා. කරපු එකම දේ ලොක්කන් සැප විඳීම පමණයි

පුවත්

විදෙස්

ඩොලර් මිලියන ගණනක් ආධාර වශයෙන් ලැබුණු කෘෂි ව්‍යාපෘති 07කින් කෘෂිකර්ම අමාත්‍යාංශය කිසිදු ඵලදායීතාවක් අත්පත් කරගෙන නැතැයි ද එම මුදල් ලබාදුන් රටවල් නැවත මුදල් ගෙන්වාගැනීමේ අවදානමක් අතැයි ද වාර්තා වේ.

මෙම ව්‍යාපෘති 07 ම ක්‍රියාත්මක වන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක යටතේය.

තෝරාගත් ගොවි පවුල් සඳහා ඔවුන්ගේ ආරථිකය නඟා සිටුවීම වෙනුවෙන් ආරම්භ කරන ලද SARP (Small Holder Agribusiness and resilience Project) නමැති ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු ද පත්කර ඇතත් එම ව්‍යාපෘතිය මගින් මේ දක්වාම කිසිදු කාර්යයක් ඉටුකරන නැත.

එම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබී ඇත්තේ 2019 නොවැම්බර් මාසයේ දී වන අතර 2019 සිට 2027 දක්වා කාලයේ දී මෙම ව්‍යාපෘතිය සිදුවිය යුතුය. මෙම ව්‍යාපෘතිය ලැබී ඇත්තේ අනුරාධපුරය කුරුණෑගල, මාතලේ, පුත්තලම, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට සඳහාය.

කෘෂිකර්ම සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල, ලෝක ආහාර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසහන මේ ව්‍යාපෘතය සඳහා ආධාර ලබා දී තිබේ.

කුඩා කෘෂිකාර්මික වතු හිමියන්ගේ කෘෂි ව්‍යාපාර ගොඩනැංවීම සඳහා මෙම ව්‍යාපෘතිය යෝජනා කර තිබිණි.

ව්‍යාපෘතිියෙන් මෙතෙක් කර ඇත්තේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට රුපියල් 167,000.00ක මාසික වැටුපක් සහ ඊට අමතරව නිල රථයක් ද ලබා දී එයට ඉන්ධන ද සැපයීම ඇතුළු වෙනත් පහසුකම් සැපයීම පමණි. ඔහුට කිසිම රාජකාරියක් නැත. එම ව්‍යාපෘතිය සඳහා පමණක් වෙන්කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 82කි.

මෙම ව්‍යාපෘතියට අමතරව ICDP (Inclusive Connectivity & Development Project) යනුවෙන් හැඳින්වෙන ව්‍යාපෘතියක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් ලැබී තිබේ. එම ව්‍යාපෘතිය ද කිසිම කාර්යයක් නොකරන මට්ටමට පත්ව තිබේ.

මේ ව්‍යාපෘති දෙකම ලැබී ඇත්තේ සුගිය වසරේ දී ය.

මීට අමතරව තවත් ව්‍යාපෘති  05ක ඵලදායීතාව අඩු බැවින් ආධාර දෙන රටවල් එම මුදල් නැවත කැඳවීමට සූධානම් බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!