spot_img
spot_imgspot_img

මාධ්‍යවේදියෙක් අතුරුදන්, ඔහු සමඟ සිටි බ්‍රසීල ජාතිකයාට මරණ තර්ජනයක් ඇවිත්

පුවත්

විදෙස්

මාධ්‍යවේදියෙකු සහ බ්‍රසීල ජාතිකයකු බ්‍රසීලයේ ඇමසෝනාස් ප්‍රාන්තයේ බටහිර ජවාරි නිම්නයේ දී අතුරුදන් වී ඇත.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී ඩොම් ෆිලිප්ස් සහ බ්‍රසීලියානු ස්වදේශික ජාතික පදනමේ (FUNAI) නිවාඩු ලබා සිටින සේවකයෙකු වන බෲනෝ අරවුජෝ පෙරේරා යන දෙදෙනාය. ‌

චන්ද්‍රිකා තොරතුරු මගින් ඉරිදා උදෑසන සාඕ රෆීල් ප්‍රජාව තුළ මොවුන් දෙදෙනා අවසන් වරට සිටි ස්ථානය පෙන්නුම් කළ බවත්, එහිදී ඔවුන් කිසි විටෙකත් දැක නොතිබූ ප්‍රාදේශීය නායකයෙකු හමුවීමට අපේක්ෂා කරගෙන සිටි බවත් මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඉන් පසුව, මොවුන් ඇටලයියා ඩෝ නොටේ වෙත පැය දෙකක ගමනක් යාමට සැලසුම් කර තිබී ඇති නමුත් එම ස්ථානයට නොපැමිණි බැවින් ඔවුන් සෙවීමට ගලවාගැනීමේ කණ්ඩායම් දෙකක් යෙදවූ බව එම ප්‍රදේශයේ ක්‍රියාත්මක යුනිවෙජා සංවිධානය පවසයි

දහස් ගණන් ආදිවාසීන් සහ වෙනත් කණ්ඩායම් 16ක් පමණ සිටින ජාවාරි නිම්නය ගංගා සහ ඝන වනාන්තරවලින් සමන්විත වන අතර එයට ප්‍රවේශවීම ඉතා දුෂ්කර කාර්යයකි. 

බ්‍රසීලයේ ෆෙඩරල් අභිචෝදක කාර්යාලය සහ ෆෙඩරල් පොලිසිය අතුරුදහන්වීම් පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර නාවික හමුදාව සහ ප්‍රාන්ත හමුදා පොලිසිය ද සෙවීමේ උත්සාහයට සහභාගී වේ. ඇමසෝනාස් ප්‍රාන්ත ආණ්ඩුකාර විල්සන් ලීමා සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා විශේෂිත පොලිස් බල ඇණියක් යෙදවීමට නියෝග කර ඇත.

සඳුදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යුනිවෙජා සංවිධානය ප්‍රකාශ කළේ පිලිප්ස් සහ පෙරේරා අතුරුදහන් වීමට පෙර ඔවුන්ට මරණ තර්ජන එල්ල වූ බවයි. එම තර්ජනය තම සාමාජිකයන්ට එල්ල වූ පළමු තර්ජනය නොවන බවද නිවේදනයේ සඳහන් වේ.

මෙම ප්‍රදේශය රජයේ ආරක්ෂාව යටතේ පවතින නමුත් ඉඩම් කොල්ලකරුවන්, නීති විරෝධී පතල්කරුවන්, නීති විරෝධී දඩයම්කරුවන් සහ නීති විරෝධී ධීවරයින් විසින් නැවත නැවතත් ආක්‍රමණය කිරීම හේතුවෙන් මීට පෙර ලේ වැගිරීම් සහිත ගැටුම් ඇතිවී තිබේ.

බ්‍රසීල රජයේ අභිචෝදක කාර්යාලයට අනුව 2019 සැප්තැම්බර් මාසයේදී තවත් ස්වදේශික කටයුතු සේවකයෙකු වන මැක්සිල් පෙරේරා ද එම ප්‍රදේශයේදීම ඝාතනය කරන ලදී.එහිදී අනාවරණය වූයේ ජාවාරි නිම්නයේ නීති විරෝධී වාණිජ නිස්සාරණයට එරෙහිව සටන් කිරීමට ගත් උත්සාහයට පළිගැනීමක් ලෙස මැක්සිල්ගේ ඝාතනය සිදු වූ බවයි.

ආදිවාසීන් සඳහා වන රාජ්‍ය ආරක්ෂණ ඒජන්සිය වන ෆුනායි, CNN වෙත පැවසුවේ එය නවතම සිද්ධියට සමාන නමුත් පෙරේරා අතුරුදන් වන විට රාජකාරියේ නොසිටි බවයි. ෆිලිප්ස් එක්සත් රාජධානියේ “ද ගාඩියන්” පුවත්පත සඳහා දිගුකාලීන රචකයෙකු වන අතර, ප්‍රකාශනයේ ගෝලීය පරිසර කතෘ ජොනතන් වොට්ස් බ්‍රසීල බලධාරීන්ට ඉක්මන් පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.”ෆිලිප්ස්, විශිෂ්ට මාධ්‍යවේදියෙක්, ගාඩියන් පුවත්පතට නිත්‍ය දායකයෙකු සහ ශ්‍රේෂ්ඨ සඟයෙක් වනවා. ඇමේසන් හි ජාවාරි නිම්නයේ අතුරුදහන් වී ඇත්තේ ඔහුගේ ස්වදේශික සගයා වන බෲනෝ පෙරෙයිරාට මරණ තර්ජන එල්ල වීමෙන් පසුවයි. හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලෙස බ්‍රසීල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” වොට්ස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි..

ගාඩියන් පුවත්පත ඉතා කනස්සල්ලට පත්ව සිටින අතර පිලිප්ස් සිටින ස්ථානය සහ තත්ත්වය පිළිබඳ තොරතුරු සොයමින් සිටියි. “හැකි ඉක්මනින් කරුණු තහවුරු කිරීමට උත්සාහ කිරීම සඳහා අපි බ්‍රසීලයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය සහ ප්‍රාදේශීය සහ ජාතික බලධාරීන් සමඟ සම්බන්ධ වී සිටිමු” යනුවෙන් ප්‍රකාශනයේ සඳහන් වේ.

“Amazon කලාපයේදී බ්‍රිතාන්‍ය පුරවැසියෙකු අතුරුදහන් වීමේ පුවතෙන් පසු අපි බ්‍රසීලයේ පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධ වී සිටිමු. අපි ඔහුගේ පවුලට කොන්සියුලර් සහාය ලබා දෙන්නෙමු,” බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ඩියාගෝ ලෝබෝ CNN වෙත පැවසීය.

පුවත්පත් සංවිධාන ද මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති අතර කලාපයේ නීති විරෝධී පතල් කැණීම් කටයුතු ආවරණය කිරීමේ අන්තරාය සටහන් කර ඇත.

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) සඳුදා ට්වීට් කළේ, “මාධ්‍යවේදී දොන් ෆිලිප්ස් බ්‍රසීලියානු ඇමසන් හි වාර්තාකරණ චාරිකාවක යෙදී සිටියදී අතුරුදහන් වීම සම්බන්දව CPJ අතිශයින් කනස්සල්ලට පත්ව සිටී. පිලිප්ස් සොයා ගැනීමේ උත්සාහයන් කඩිනමින් වේගවත් කරන ලෙස අපි බ්‍රසීල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.” යනුවෙනි.

බ්‍රසීලයේ විදේශ මාධ්‍ය වාර්තාකරුවන්ගේ සංගමය සහ සාඕ පවුලෝ හි විදේශ වාර්තාකරුවන්ගේ සංගමය මේ අතර බ්‍රසීල බලධාරීන්ගෙන් “ක්ෂණික ක්‍රියාමාර්ගයක්” ඉල්ලා සිටියේය.”අක්‍රමවත් පතල් කැණීම් හේතුවෙන් ගැටුම් පවතින මෙම ප්‍රදේශයේ එම කලාපයේ සේවය කරන සහ ඔවුන්ගේ සේවයට තර්ජන කිහිපයකට මුහුණ දී ඇති මාධ්‍ය වෘත්තිකයන්, බ්‍රසීලියානුවන් සහ විදේශිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට බ්‍රසීල රජය දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු” යනුවෙන් ඉල් සිටියි.

https://edition.cnn.com/2022/06/06/americas/dom-phillips-brazil-bruno-arajo-pereira-intl-latam/index.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!