spot_img
spot_imgspot_img

“සූකිරි කෙල්ල” දිවි රංගනයෙන් සමුගනී

පුවත්

විදෙස්

සිංහල සිනමාවේ සූකිරි කෙල්ල ලෙස හැඳින්වූ ප්‍රවීන සිනමා නිලි සුමනා අමරසිංහ මියගියාය. මියයන විට 73 වැනි වියේ පසු වූ ඇය රංගන ශිල්පිනියක පමණක් නොව නිෂ්පාදිකාවක, ගායිකාවක, සහාය අධ්‍යක්ෂිකාවක මෙන් ම සහාය සංස්කරරණ හිල්පියක් ද ලෙස විවිධ ක්ෂේත්‍රයන්ගෙන් සිනමාට දායක වූවාය.

දෙනිපිටිය විතානගේ සුමනා අමරසිංහ නම් වූ ඇය 1967 දී රූබි ද මෙල් අධ්‍යක්ෂණය කළ පිපෙන කුමුදු චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි අතර ටොම් පචයා, තණ ගිරව්, සුදු පිරුවට, ජොන්සන් ඇන්ඩ් ගොන්සන් යන චිත්‍රපට ඇය නිෂ්පාදනය කළාය.

සූකිරි කෙල්ල, හතර පෙරළිය, සුනේත්‍රා, ඔබයි මමයි, දුලීකා, මිහිදුම් සිහින, තණගිරව්, කඩවුණු පොරොන්නදුව, ගෙදර බුදුන් අම්මා, චෙරියෝ ඩොක්ටර්, සුදු පිරුවට වැනි චිත්‍රපට රැසක රඟපෑවාය.

හතර පෙරළිය චිත්‍රපටයේ රඟපාද්දී දැන හඳුනාගත් රෝයි ද සිල්වා සමඟ විවාහ වූ සුමනා අමරසිංහ වඩාත් ප්‍රසිද්ධ වූයේ සූකිරි කෙල්ල චිත්‍රපටයෙනි. ඒ නිසාම ඇය සූකිරි කෙල්ල ලෙස ද හැඳින්විනි. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ඇය කළ රංගනය වෙනුවෙන් සරසවි සිනමා සම්මානය ද ඇයට හිමිවිය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!