spot_img
spot_imgspot_img

Rakuten Viber වෙතින් පෙර නොවූ ක්‍රිකට් අත්දැකීමක්

පුවත්

විදෙස්

ෆර්වීස් මහරුෆ් සහ අරීෆ් රෝනී Rakuten Viber සමගින් එක්ව ක්‍රීඩා ලෝලීන් පෙළගස්වමින් ඔවුන් වඩාත්ම කැමති ක්‍රීඩකයා වන භානුක රාජපක්ෂ හා  බංග්ලාදේශ වේගපන්දු ක්‍රීඩක ටස්කින් අහමඩ් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජනප්‍රියම ක්‍රීඩක ලසිත් මාලිංග සමග Viber හි සුවිශේෂී වූ Talk show වැඩසටහන ගෙන එයි.

Rakuten Viber විසින් මෙවර ක්‍රිකට් තරඟ සමයේදී එය (Talk show) නැවත වරක් ක්‍රියාවට නංවන්නේ එහි ඇති ජනප්‍රිය පණිවිඩකරණ වේදිකාව හරහා වඩා ඉහළ  ක්‍රියාකාරකම් සහ ආකර්ෂණීය විශේෂාංග ගෙන එමින් එහි පරිශීලකයින් වෙනුවෙන් සමස්ත ක්‍රිකට් අත්දැකීම ඉතා උසස් තත්ත්වයකට ගෙන එමිනි. පසුගිය වසරේ පැවති ක්‍රිකට් ෆියෙස්ටා (Cricket Fiesta) සැමරුමේ සිට පැමිණෙන Viber, එහි ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් ඇති රසිකයින් සඳහා වඩාත් තීව්‍ර වූ සහ ආකර්ශනීය අත්දැකීම් සමඟින් සිය පරිශීලකයින් ප්‍රබෝදමත් කිරීමේ ප්‍රවණතා සමඟින් ඉදිරියට පැමිණ ඇත. එබැවින් ඔබට තරඟ යාවත්කාලීන කිරීම් සහ පුවත් රැගෙන ඒම පමණක් නොව, සෘජුවම ඔබේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ක්‍රිකට් හා සම්බන්ධ අන්තර්ගතයන් පරාසයකට සුවිශේෂී ප්‍රවේශයක් ලබා ගැනීමට හැකියාව ඇති Cricket Vibes නාලිකාව සමඟ වෙන කවරදාටත් වඩා ක්‍රිකට් උන්මාදය ඇති කර ගැනීම සඳහා ඔබටම සූදානම් විය හැකිය!

මෙම වසරේ Cricket Talks ක්‍රියාකාරකම් පෙළට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ විස්තර විචාරක, ෆර්වීස් මහරූෆ් සහ බංග්ලාදේශ ක්‍රීඩා මාධ්‍යවේදී අරිෆ් රෝනී යන අය Cricket Vibes නාලිකාවේ සත්කරත්වය ඇතිව ක්‍රිකට් පිළිබඳ සියලු දේ කතා බහ කිරීම සඳහා සති දෙකකට වරක් පවත්වන සුවිශේෂී කතාමාලාවක් (Talk show) ගෙන හැර දක්වනු ඇත. ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු ක්‍රීඩක ටස්කින් අහමඩ්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජනප්‍රියම ක්‍රීඩක ලසිත් මාලිංග වැනි විශේෂ ආරාධිතයන් ද මෙම Talk show වැඩසටහන සඳහා සහභාගී වනු ඇත. එම වැඩසටහනේ විශේෂ කොටස්වල ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ මෑත ක්‍රිකට් තරඟවල දී ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ දක්ෂතා සහ තවත් බොහෝ දේ පිළිබඳ කතා බහ කරනු දක්නට ලැබෙනු ඇත.

”පසුගිය වසරේ දී Viber හි අපගේ ක්‍රිකට් ලෝලීන්ගේ රුචිකත්වයන් සොයා ගැනීමට Viber Cricket Fiesta අපට උපකාරී වුණා. එබැවින් අපගේ දකුණු ආසියාතික ක්‍රීඩා ලෝලීන් බොහෝ සෙයින් ආදරය කරන ක්‍රීඩාවක් නැවත වරක් සැමරීමට අපි සූදානම්. අපි ඔවුන්ගේ ප්‍රියතම විශේෂාංග වන AR බලයෙන් ක්‍රියාත්මක Viber කාච (Lenses), ඊටත් වඩා ක්‍රියාකාරී Viber නාලිකාව මගින් රසිකයින්ට ඔවුන්ගේ වඩාත්ම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ කාලීනව වැඩි වැඩියෙන් සම්බන්ධ වීමට අවස්ථා, ආකර්ෂණීය ත්‍යාග දිනා ගැනීමට, තරඟ අත්දැකීම් සහ තවත් විනෝද ආශ්වාදයන් රැසක් නැවත ගෙන ඒමට අපිට හැකියාව ලැබුණා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Rakuten Viber හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක ඩේවිඩ් ට්සේ පැවසීය.

Cricket Vibes නාලිකාව තුළින් සාමාජිකයින්ට ඉදිරි තරඟ පිළිබඳ තොරතුරු, සජීවී ලකුණු සටහන්, තරඟ පිළිබඳව අනාවැකි පළ කිරීමේ අවස්ථාව සහ විනෝද පිරි ක්‍රියාවන්, මේමස් හුවමාරු කිරීම් සහ තවත් දේවලට අමතරව ඇදහිය නොහැකි ත්‍යාග රැසක් දිනා ගැනීමට අවස්ථාව ලබා දෙයි. සාකච්ඡා අවසන් වී නැති ඉන්දියානු ලීගයේ උද්දීපනය අවසන් වීමටත් පෙර, ක්‍රිකට් ලෝක කුසලානයේ අපේක්ෂාව මේ වන විටත් කතා බහට ලක්වෙමින් ඇත! විශේෂයෙන් ඔබ ක්‍රිකට් උද්යෝගය ඇතිව ඒ පිළිබඳව යාවත්කාලීන වීමට අවශ්‍ය ක්‍රීඩා ලෝලියෙක් නම්, Cricket Vibes නාලිකාව ගෙන එන මෙවර ක්‍රිකට් තරග වාරය ඔබ මග නොහරිනු ඇත.

වසර ගණනාවක් පුරා Viber හි සෑම අවස්ථාවකදීම කැපී පෙනෙන ක්‍රියාවක් තිබේ නම්, එය ජනප්‍රිය පණිවිඩකරණ වේදිකාවේ පරිශීලක අත්දැකීම අඛණ්ඩව ඉහළ නැංවීම සඳහා ගෙන එනු ලබන ක්‍රියාවන්ය. සෑම කැපී පෙනෙන අවස්ථාවකදීම පරිශීලකයන් කැමති ස්ටිකර් ඇසුරුම් නිර්මාණය කිරීමේ සිට AR බලයෙන් ක්‍රියාත්මක වන කාච (Lenses) හරහා නවතම තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම දක්වා සහ ග්‍රාහකයින්ට පාපන්දු ක්‍රීඩකයින්, ටෙනිස් ක්‍රීඩකයින් හෝ වෙනත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ හෝ ඔවුන්ගේ වඩාත්ම ආදරණීය අයිකන (Icons) සමඟ සමීපව කටයුතු කිරීමට Viber අවස්ථාව සලසා දී ඇත. Viber සෑම විටම එහි පරිශීලකයින් වෙනුවෙන් ප්‍රීතිය ගෙන දෙන සහ අමතක නොවන අත්දැකීම් නිර්මාණය කරයි.

එම නිසා Viber විසින් දකුණු ආසියාවේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව සිය Cricket Vibes නාලිකාව සමඟින් එක්ව සමරමින් විශේෂ වූ Talk show වැඩසටහන ඇතුළු තවත් බොහෝ අත්දැකීම් රැසක් ඔබ වෙත ගෙන දීමට සුදානමින් සිටී. එබැවින් මෙම අවස්ථාව අතපසු නොකර මේ තරග වාරයේ දී ඔබේ ප්‍රියතම පණිවිඩකරණ වේදිකාව මගින් සපයන තවත් ඇදහිය නොහැකි සැබෑ අත්දැකීමක් විඳගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!