spot_img
spot_imgspot_img

අභ්‍යාවකාශයට ගිය අශ්වයාගේ පස්ස

පුවත්

විදෙස්

වර්තමානයේ සියල්ල තීරණය කර ඇත්තේ අතීතය විසිනි.

අනාගතය තීරණය කරන්නේ ද අතීතය සහ අප ජීවත්වන වර්තමානය ‌විසිනි.

අපි අභ්‍යාවකාශයේ සිට අතීතයට යමු.

ඔබ දන්නවා ද ?

අභ්‍යාවකාශ ෂටලයේ ඉන්ධන ටැංකියේ පළල අඩි 4යි අඟල් 8.5 ක් හෙවත් මීටර 1.5ක් බව.

මේ ගැන ඔබ හිතුවා ද ?

අභ්‍යවකාශ ෂටලයේ ඉන්ධන ටැංකියේ පළල අඩි 4යි අඟල් 8.5ක් හෙවත් මීටර් 1.5 ක් වන්නේ ඇයි ද කියා.

ඇමරිකා එක්සත් ජනපදය අභ්‍යවකාශයට යවන ලද අභ්‍යවකාශ යානාවල ඉන්ධන ටැංකිවල ආරම්භයේ සිටම මේ පළල භාවිතා කර තිබිණි.

අභ්‍යවකාශ ඉංජිනේරුවන්ට මෙම ටැංකි පුළුල් කිරීමට අවශ්‍ය වූ නමුත් එය සාර්ථක වූයේ නැත.

මෙම ටැංකි නිශ්පාදනයේදී දුම්රියෙන් ප්‍රවාහනය කර එය දියත් කිරීමේ ස්ථානයට යැවිය යුතු අතර, දුම්රිය උමං මාර්ග හරහා ගමන් කරයි.

උමංවල ධාවනය කරන දුම්රිය මාර්ග අතර පළල අඩි 4 අඟල් 8.5 (මීටර 1.5 ක් පමණ) කි.

දුම්රියට මේ පළල ලැබුණේ ඇයි  ?  

අතීතයේ දී එංගලන්තයේ දුම්රිය මාර්ග මේ ආකාරයට ඉදිකර ඇති අතර එක්සත් ජනපද දුම්රිය මාර්ග බ්‍රිතාන්‍ය සංක්‍රමණිකයන් විසින් ඉදිකරන ලද බැවිනි.

ඒ ඔවුන්ගේ මිනුමකි.

ඉතින් බ්‍රිතාන්‍යයන් මෙම පළල භාවිතා කළේ ඇයි ?

බ්‍රිතාන්‍යයේ මුල් දුම්රිය මාර්ග තනන්නන් විසින් පීලි පරතරය ගත්තේ හරියටම ට්‍රෑම් රථයේ පළලයි.

ට්‍රෑම් රථයේ පළල මේ අගය ගත්තේ ඇයි?

මෙම මිනුම අශ්ව කරත්ත සෑදීමේ දී රෝද අතර භාවිතා කරන පළල වන බැවිනි.

අශ්ව කරත්තයේ රෝද අතර මෙම පළල යොදා ගන්නේ ඇයි?

දිගු කලක් තිස්සේ බ්‍රිතාන්‍ය ඉඩම් හරහා ගමන් කරන රථ මෙම පළල ම භාවිතා කර ඇති බැවිනි.

එම රථ සඳහා තවත් මිනුමක් භාවිතා කරන විට, රෝද රළු භූමියේ ධාවනය වී කෙටි කාලයක් තුළ පිරිහී යයි.

මෙම පැරණි මාර්ග සලකුණු ඇති වූයේ කෙසේද?

එංගලන්තයේ පළමු දුර ගමන් මාර්ග (මහා මාර්ග) රෝම අධිරාජ්‍යය විසින් ඔවුන්ගේ රණශූරයන්ට ගමන් පහසුව සඳහා ඉදිකරන ලද්දක් වන බැවිනි

රෝමවරුන්ගේ ධාවන පථ අඩි 4යි අඟල් 8.5ක් (මීටර 1.5ක් පමණ) පළලට පැවතියේ ඇයි?

රෝම අධිරාජ්‍යයේ පළමු රණශූරයන්ගේ අශ්ව රථ ඇදගෙන ගියේ අශ්වයන් දෙදෙනෙකු වූ නිසාත්, අශ්වයන් දෙදෙනාගේ උකුලේ පළල අඩි 4 යි අඟල් 8.5 (මීටර් 1.5 ක් පමණ) වූ නිසාත් ය.

ප්‍රතිඵලය වූයේ කුමක් ද ?

වර්තමාන ලෝකයේ වඩාත්ම දියුණු තාක්ෂණය භාවිතා කරන අභ්‍යාවකාශ ෂටලයේ ඉන්ධන ටැංකියේ පළල අදින් වසර 2000කටත් පෙරාතුව රෝම අධිරාජ්‍යයේ අශ්වයන් දෙදෙනාගේ උකුලේ පළල විසින් තීරණය කර තිබීමයි.

මේ රීතිය වෙනස් කිරීමට අභ්‍යාවකාශය, හඳ, අඟහරු බ්‍රහස්පතී වෙත යානා යවා ඉන් නොනැවතී සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිටට පවා යන යානා නිපදවූ නූතන විද්‍යාඥාඥයන්ට පවා නොහැකි විය.

ලෝකයේ සෑම දෙයක්ම වෙනස් වෙමින් හා සංවර්ධනය වෙමින් පවතින බව පෙනේ,

ඇත්ත වශයෙන්ම, ලෝකයේ බොහෝ දේ වෙනස් නොවේ.

ලෝකයේ සිදුවන සෑම දෙයක්ම පදනම් වී ඇත්තේ අතීතයේ සිදු වූ සිදුවීම්වල හේතු සහ බලපෑම් මත ය.

මේ දවස ගත කිරීමට සහ අනාගතය ගැන අනාවැකි කීමට ඉතිහාසය කියවීම එතරම් වැදගත් වන්නේ මේ නිසාය.

පින්තූරය මේ කතාවට නොවේ.

අදාල කරගැනීම හෝ නොගැනීම භාර වන්නේ කියවූ ඔබටය.

ස්තුතියි කියෙව්වාට

අන්තර්ජලයේ මූලාශ්‍රයකින් සිංහල භාෂාවට සැකසුවේ

තරංග ලක්නාත් විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!