චීන යන්ත්‍රය කැඩිලා. පීසීආර් 20,00ක් හිරවෙයි

0
113

පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට චීනයෙන් ගෙන්වන ලද යන්ත්‍රයක් අක්‍රියවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ 20,000ක් පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකිව ප්‍රමාද වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ බව අනාවරණය වූයේ එම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී සෞඛ්‍ය ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකදී ය.

මේ පිළිබඳ සඳහන් කරමින්න යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ මෙම යන්ත්‍රය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ නව රසායනාගරයේ තිබූ බවයි. මේ ප්‍රමාදය හේතුවෙන් රෝගය ව්‍යාප්තවීම පාලනය සඳහා ඇඳිරිනීතිය පැනවීම ඇතුළු ක්‍රයාමාර්ග ගැනීමට සිදුවී ඇතැයි ද හමුදාපතිවරයා පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ මැදහත්වීමෙන් රුපියල් කෝටි 25ක් වටිනා පීසීආර් පරීක්ෂණ යන්ත්‍රය පසුගිය මැයි මාසයේ දී ගෙනවිත් තිබෙන අතර එය දින හයක් පුරා අක්‍රියව ඇතැයි අනාවරණය වෙයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශය මැදහත් වී පැය 48ක් ඇතුළත අවශ්‍ය පියවර ගන්නා ලෙස ද හමුදාපතිවරයා දැනුම් දී තිබේ.

මේ යන්ත්‍රය අලුත්වැඩියාකිරීමට චීණ සමාගමේ නියෝජිතයන් මෙරටට ගෙන්විය යුතු බැවින් ඒ සම්බන්ධව ජනාධිපතිවරයා ද දැනුම්වත් කර තිබේ.

රසායන විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමදේශ් පවසන්නේ චීනයේ බීජීඅයි නමැති සමාගමකින් මෙම යන්ත්‍රය ගෙන්වා ඇත්තේ ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව බවයි. එහි දේශීය නියෝජිතයා ලෙස පුපද්ගලයකුගේ නමක් පමණක් සඳහන්වන බව ද හෙතෙම පැවසීය. කුමදේශ් පවසන්නේ මේ පුද්ගලයා රසායනාගාර උපකරණ සමාගමක් නොවන බැවින් යන්ත්‍රය ගෙන්වීම පිටුපස යම් වංචාවක් සිදුව ඇතැයි සැකයක් පවතින බවයි.

මෙම යන්ත්‍රය මගින් දිනකට පීසීආර් පරීක්ෂණ 4000ක් සිදුකළ හැකි බව සෞඛ්‍ය ප්‍රධානීන් විසින් කලින් පෙන්වාදුන්න ද මේ වනවිට පරීක්ෂණ 200ක් හෝ කළ නොහැකියැයි සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here