spot_img
spot_imgspot_img

නයිජීරියාවේ පුද්ගලයන් 30ක් තෙ‍රපීමෙන් මරුට

පුවත්

විදෙස්

නයිජීරියාවේ ගිණිකොණ දිග පෝර්ට් හාර්කෝට් නගරයේ පල්ලියක උත්සවයකදී තෙරපීමකින් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ. මියගිය අයගෙන් වැඩි දෙනෙක් ළමයින් බව පොලිසිය පවසයි.

නයිජීරියාවේ සිවිල් ආරක්ෂක බළකායේ ප්‍රාදේශීය ප්‍රකාශකයෙකු පවසන පරිදි, අසල පිහිටි කිංග්ස් පර්ෂද පල්ලිය පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර එය පැවැත්වූ පෝලෝ සමාජ ශාලාවේදී මෙම අනතුර සිදු විය.

“තෑගි ද්‍රව්‍ය බෙදා හැරීමේ ක්‍රියාවලියේදී තදබදය වැඩි වීම නිසා තෙරපීමක් ඇති වුණා. විපතට පත්වූවන් වැඩිපුරම ළමයින්ය.” ප්‍රාන්ත පොලිසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ගේට්ටුව වසා තිබුණද, ජනතාව බලහත්කාරයෙන් ස්ථානයට ඇතුළු වූ බවයි. පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් ඇතැයි තහවුරු වී ඇති බව ද පොලිසිය පවසයි. සිද්ධියෙන් තුවාල ලැබූ හත් දෙනෙකු රෝහල් ගත කර ඇත.

https://edition.cnn.com/2022/05/28/africa/nigeria-stampede-intl/index.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!