spot_img
spot_imgspot_img

“අපි නැවත බලය අල්ලනවා. ඉවසගෙන ඉන්න” රාජ්‍ය ආයතනවලට රහස් පණිවිඩයක්. රනිල්ට සෞඛ්‍ය සහාය නෑ

පුවත්

විදෙස්

“රාජපක්ෂලා රටේ සමස්ත බලය නැවත අල්ලාගන්නා බැවින් සති කිහිපයක් ඉවසාගෙන ඉන්න” යැයි ලැබී ඇති අභ්‍යන්තර උපදෙසක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂද ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය නිවැරදි තොරතුරු ලබා ‍නොදෙන බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

රටේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ විශාල හිඟයක් පවතින නමුත් ඒවා පිළිබඳ නිසි සංඛ්‍යාලේඛන කිහිප වතාවක් ඉල්ලා සිටිය ද මෙතෙක් එම ලේඛන නිසි පරිදි ලැබී නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව ගණනාවකට රාජපක්ෂවරුන්ගේ සමීපතමයන් විසින් “ රනිල් වික්‍රමසිංහ යනු තාවකාලික ඉත්තෙක් පමණයි. අපි නැවත බලය ගන්නවා ඒ නිසා ටික දවසක් අල්ලාගෙන ඉන්න” යැයි උපදෙස් ලබා දී ඇතැයි ව්‍යෛවරු පිරිසක් ම කියති.

මේ උපදෙස් අනුව මෙතෙක් රාජපක්ෂ ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කළ සහ වරදාන වරප්‍රසාද ලබාගත් අය වර්තමාන අගැමතිවරයා ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට උදව් නොකර මඟ හැරීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි.

රටේ පවතින ඖෂධ හිඟය සඳහා කෙටි කාලීන සහ මධ්‍යකාලීන විසඳුම් සාකච්ඡා කිරීමට අද (25) දිනයේ දී ද අගමැතිවරයාගේ ප්‍රධානත්වනේ සාකච්ඡාවක් පැවැත්විණි.

එහි දී හිඟ වී ඇති අත්‍යාවශ්‍ය ඖෂධ, අනෙකුත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ පිළිබඳ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

දිවයිනේ සියලු ශල්‍යාගාර ඒකක දින 90ක කාලයක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඖෂධ සහ නිර්වින්දන ඖෂධ තොගයක් ප්‍රංශයෙන් ලැබීමට නියමිතය.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු ඖෂධ සඳහා ශ්‍රී ලංකා රුපියල්ලින් ණය ගෙවීමට ද දෙරට අතර එකඟතාවක් ඇති වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!