spot_img
spot_imgspot_img

බුදුන්ගේ රස්තියාදුව ලියූ ශ්‍රීනාත්ට සහ සන්නස්ගලට ඇප නියම කරයි

පුවත්

විදෙස්

පොතක් ලිවීමෙන් බුදුන්ට සහ බෞද්ධාගමට නිග්‍රහයක් සිදුකළා යැයි කියන සිද්ධිියක් සම්බන්ධයෙන් අද (20) අධිකරණයේ පෙනී සිටි උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන දෙදෙනා රුපියල් 50,000.00 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කළේය.

පසුගිය අප්‍රේල් මස 29 වැනි දා නිකුත්කරන ලද නොතීසියකට අනුව ඔවුහු අද අධිකරණයේ පෙනී සිටයහ.

“බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්‍රන්ථයක් ලියා බෙදා හැරීමෙන් ඔවුන් බුදුන්ට හා බුද්ධ ධර්මයට අපහාස කර ඇතැයි  අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය සුගිය 29 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සිද්ධියට අදාළව විමර්ශන පවත්වා නීතිපති උපදෙස් ලබාගැනීමෙන් පසු අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසට ද මෙහි දී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

මේ සම්බන්ධ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 09 වැනි දිනට කල් තැබිණි.

මෙම ග්‍රන්ථය මගින් බුදු දහම නිගාවට ලක්කර ඇති බවත් බුදුන්ට නින්දා හා අපහාස කර ඇති බවත් සඳහන් කරමින් 2018 අගෝස්තු මස 20 වැනි දා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ එවකට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!