spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවට සහන ලබාදීමට G7 රටවල් තීරණය කරයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයත්නයට තමන් සහයෝගය දෙන බව G7 සමුළුවේ සාමාජික රටවල් තීරණය කර තිබේ.

ඊයේ (19) ජර්මනියේ පැවැති ජී7 සමුළුවේ මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති අතර ඒ බව මේ වනවිට නිවේදනය කර ඇත.

පසුගිය 18 වැනි දා කාලය ඉක්මගිය බැඳුම්කර දෙකක් සඳහා පොළී ගෙවීමට ශ්‍රී ලංකාව අපොහොසත්වීම‍ෙ ්හතුවෙන් නිල වශයෙන් විදේශ ණය ගෙවීම පැහැර හරින ලද රටක් බවට ශ්‍රී ලංකාව පත්විය. මේ තත්වය හේතුවෙන් G7 රටවල් එම තීරණය ගෙන තිබේ.

එම රටවල් පවසන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සඳහා දීර්ඝකාලීන විසඳුමක් ලබාදීම සඳහා ඔවුන් කැපවන බවයි. විශේෂයෙන් ම ජාත්‍යන්තර අරමුදල මිගින් ණය ලබාගැනීම සඳහා සිදුකරන සාකච්ඡාවලට සහය දෙන බවත් එම නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!