spot_img
spot_imgspot_img

අසූචි මගින් හෙළි වූ, පැරැන්නන්ගේ ආහාර රටාව

පුවත්

විදෙස්

අතීතයේ ලෝකයේ ජීවත් වූ මිනිස්සු ඌරන්ගේ සහ ගවයන්ගේ අභ්‍යන්තර අවයව පිසීමකින් තොරව ආහාරයට ගෙන ඇතැයි එක්සත් රාජධානියෙන් සාක්ෂි හමුවී තිබේ.

මෙම සාක්ෂි ලැබී ඇත්තේ එක්සත් රාජධානියේ විල්ට්ෂයර්හි පෞරාණික ස්ටෝන්හෙන්ජ් ගල්කවය අසල පිහිටි ප්‍රාග් ඓතිහාසික ගම්මානයකින් සොයාගත් පුරාණ මානව අසූචි සාම්පල වලිනි.

විද්‍යාඥයන් විසින් කොප්‍රොලයිට් ලෙස හඳුන්වන පොසිල කළ අසූචි කැබලි කිහිපයක් ස්ටෝන්හෙන්ජ් සිට සැතපුම් 1.7ක් (කිලෝමීටර් 2.8ක්) ඔබ්බෙන් වූ ඩුරින්ටන් වෝල්ස් නම් ජනාවාසයක ඇති කසළ ගොඩකින් සොයා ගන්නා ලදී. එක් මිනිසකුගේ සහ සුනඛයන් හතර දෙනෙකුගේ අසූචි කැබලි පහක් සොයාගෙන ඇති අතර ඒවායේ පරපෝෂිත පණුවන්ගේ බිත්තර හමුවී තිබේ.

මෙම ගම්මානය ක්‍රි.පූ. 2500 පමණ ඈතට දිවෙන අතර, නිරිතදිග එංගලන්තයේ බොහෝ ස්මාරක ඉදිකරන ලද්දේ මෙම ජනාවාසයේ වැසියන් විසිනි. ස්ටෝන්හෙන්ජ් ගල් කවය ගොඩනගන්නට ඇත්තේ ද මෙම ජනාවාසයේ වැසියන් විසින් බවට විශ්වාස කෙරේ.

මිනිස් මල සහ සුනඛ මල කොටස් තුනක කේශනාලිකා පණුවන්ගේ බිත්තර අඩංගු විය. ෆොසිල පිළිබඳ නව අධ්‍යයනයකට අනුව, මෙම වර්ගයේ පණුවන් සිටීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් ආසාදිත සතෙකුගෙන් අමු හෝ නොපිසූ පෙනහළු හෝ අක්මාව අනුභව කර ඇති බවයි. එමඟින් පරපෝෂිතයාගේ බිත්තර ආහාර ජීර්ණ පද්ධතිය හරහා කෙලින්ම ගමන් කරන බව විද්‍යාඥයෝ පවසති. කේශනාලිකා පණුවන් ගවයින්ට සහ අනෙකුත් වමාරා කන සතුන් ආසාදනය කරයි, මෙමගින් ගවයින්ගේ කොටස් ආහාරයට ගෙන ඇති බව විද්‍යාඥයින් තහවුරු කරගෙන තිබේ. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, “බල්ලන්ට කන්න දීලා තියෙන්නේ ඉතුරු ටික වෙන්න ඇති” යනුවෙනි.

කෙසේ වෙතත්, කුණු ගොඩෙන් ගොඩගත් ඇටකටුවලින් සොයාගන්නා ලද්දේ ජනාවාසයේ ජනතාව විසින් බහුලව පරිභෝජනය කරන ලද සත්වයා ගවයා නොවන බවයි. එහිදී සොයා ගන්නා ලද අස්ථි 38,000 න් 90% ක්ම ඌරන්ගෙන් සහ 10% ගවයන්ගෙන් විය.

බල්ලෙකුට අයත් අසූචි කැබැල්ලක මත්ස්‍ය පටි පණුවන් බිත්තර තිබූ අතර, එයින් පෙන්නුම් කරන්නේ අමු මිරිදිය මාළු ආහාරයට ගැනීමෙන් ආසාදනය වී ඇති බවයි. කෙසේ වෙතත්, එම ස්ථානයෙන් ඇටකටු වැනි මත්ස්‍ය පරිභෝජනය පිළිබඳ වෙනත් කිසිදු සාක්ෂියක් හමු වී නොමැත. 

මෙම පර්යේෂණය බ්‍රහස්පතින්දා Parasitology සඟරාවේ පළ විය.

මෙම ගම්මානය බොහෝ උත්සව පැවති ස්ථානයක් ලෙස සැලකේ. මැටි බඳුන් කොටස් සහ එහි තිබූ විශාල සත්ව ඇටකටු වලින් ඒබව අනාවරණය වේ. කෙසේ වෙතත්, මිනිසුන් ස්ටෝන්හෙන්ජ්හිම ජීවත් වූ බවට සාක්ෂි නොමැත.ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් හි පුරාවිද්‍යා ආයතනයේ මහාචාර්ය සහ ද ස්ටෝන්ස් ඔෆ් ස්ටෝන්හෙන්ජ් පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානී මයික් පාකර් පියර්සන් පැවසුවේ “මෙම නව සාක්ෂිය අපට ස්ටෝන්හෙන්ජ් ඉදිකිරීමේදී ශීත සෘතු උත්සව සඳහා මෙහි පැමිණි අය ගැන අලුත් දෙයක් කියයි. .”ඌරු මස් සහ හරක් මස් පුළුස්සා හෝ මැටි භාජනවල තැම්බූ නමුත් එය සෑම විටම එතරම් හොඳින් පිසින ලද ඒවා නොවේ.”

https://edition.cnn.com/2022/05/19/europe/ancient-poop-stonehenge-parasite-scn/index.html?utm_medium=social&utm_term=link&utm_source=twCNN&utm_content=2022-05-20T03%3A30%3A04

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!