spot_img
spot_imgspot_img

ඩීසල් මිල තවත් වැඩි කිරීමට සිදුවන බව තෙල් සංස්ථාව කියයි

පුවත්

විදෙස්

ඩීසල් මිල තවත් වැඩිකළ යුතුයැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කීවේය.

ඔහු පවසන්නේ ඩීසල් ලීටරයකින් රුපිියල් 120.00ක අලාභයක් ලබන බවයි. එසේ තිබිය දී රුපියල් 55.00කින් ඩීසල් ලීටරයේ මිල වැඩි කර එම අලාභය පියවාගත නොහැකියැයි ද ඔහු පවසයි.

ලෝක වෙළෙඳ පොළේ ඉන්දන මිල ඉහළ යාම හේතුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට මීට පෙර වැය වූ ඩොලර් මිලියන 32ක මුදල ඩොලර් මිලියන 51ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඩොලරය රුපියල් 200.00ක මුදලකට තිබිය දී ඩොලර් මිලියන 32ක සඳහා වැය වූ මුදල ‍රුපියල් මිලියන 6400කි. මේ වනවිට ඩොලරය රුපියල් 260.00ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් දැන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 13,260ක් වියදම් වෙයි. ඒ අනුව පසුගිය මාසයේ දී වැය වූ මුදලමෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලක් ඩීසල් සඳහා වැය කිරීමට සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!