spot_img
spot_imgspot_img

පාම් ඔයිල් මිලත් සමඟ කොටස් වෙළෙඳ පොළ වාර්තාගත ලෙස ඉහළ නගී

පුවත්

විදෙස්

ඉතිහාසයේ පළමු වරට පාම් ඔයිල් මිල ගණන් ඩොලර් 7,751ක් ඉක්මවා ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් නිෂ්පාදන සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ දැඩි විශ්වාසයක් හටගෙන තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) ගනුදෙනු 41,374ක් සිදුකරමිින් සමස්ත පිරිවැටුම රුපියල් 4,289ක් ලෙස වාර්තා විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 470කින් ඉහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 11,577ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,076
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 330
  • එල්ඕඑල්සි ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 281

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං (X) සමාගම කොටස් මිලියන 79
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 27
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 14

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම 23%
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම 22%
  • ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම 21%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 578
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 472
  • කමර්ෂල් ලීසිං සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  305

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 302ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 121ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 181ක් ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 193
  • ඩයලෝග් ආසියාටා සමාගම මිලියන 36
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 24
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 08
  • කොමර්ෂල් ලීසිං රුපියල් මිලියන 04

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 44
  • සන්ෂයින් හෝලඩින් සමාගම රුපියල් මිලියන 33
  • රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 05
  • කමර්ෂල් බැංකුව (X) රුපියල් මිලියන 02
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!