spot_img
spot_imgspot_img

ආගමකට මුවා වී, විභාග දෙපාර්තමේන්තුව අවුරුදු 50ක් ම උසස් පෙළ / සාමාන්‍ය පෙළ විභාග වංචා කරලා

පුවත්

විදෙස්

ආගමික නිකායක විශ්වාසයන්ට මුවා වී වසර 50කට වැඩි කාලයක් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග වංචා කිරීමේ සිද්ධියක් විගණන දෙපාර්තමේන්තුව විසින් කරන ලද විගණන වාර්තාවකින් අනාවරනය වි තිබේ.

මෙම විභාග වංචාව සිදුකර ඇත්තේ ක්‍රිස්තියානි ආගමික නිකායක් විසිනි. දෙවියන් වහන්සේ විසින් ලෝකය මැවීමෙන් පසු 07 වැනි දිනයේ විවේකයෙන් ගතකළ බවත්, එදින “සබත” යනුවෙන් හඳුන්වන සෙනසුරාදා දිනයන් බැවින් සබත දිනයන්හි දී (සෙනසුරාදා) පැවැත්වෙන උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ආගමික නිකායක විශ්වාසයන් පිළිගන්නා සිසුන්ට විභාග පැවැත්වෙන සාමාන්‍ය වේලාවට වඩා පැපය 09ක් ප්‍රමාද වී විභාගයට මුහුණ දීමට අවස්ථාව ලබා දී තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අනුමත කාල සටහනකට අනුව දිවයින පුරා අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පවත්වනු ලබයි. එම විභාග‍යේ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කිරීම සඳහා රටපුරාම දිවා කාලයේ එකම වේලාවක විභාගය පැවැත්වෙයි.

නමුත් එක්තරා ආගමික නිකායක සිසු සිසුවියන් සුළු පිරිසකට පමනක් සෙනසුරාදා දිනවල දිවා කාලයේ ආගමික කටයුතුවල යෙදීමට අවස්ථාවක් ලබා දී එම ආගමික නිකායේ සිසු සිසුවියන්ට විභාගය පැවැත්වෙන වේලාවට පැය 9.00කට පසු විභාගයට මුහුණ දීම සඳහා විභාග කොමසාරිස්වරයා විසින් අවසර ලබා දී තිබේ.

මෙය 1970/71 වර්ෂයේ සිට දිගින් දිගටම සිදුව ඇති ක්‍රියාවක් බව විගණන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෑම වර්ෂයක ම සබත් දිනය ලෙස හඳුන්වන සෙනසුරාදා දිනයන්හි පැවැත්වෙන විභාග විෂයයන් සඳහා රටේ අනෙකුත් සමස්ත සිසුන් දිවා කාලයේ දී ලියන ලද ප්‍රශ්න පත්‍රවලට ම  ඊට පැය 09කට පසු මුහුණ දීමට සිසුන් කණ්ඩායමකට මේ හේතුවෙන් අවසර ලැබී ඇත.

මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු විභාග කොමසාරිස්වරයාගේ දැනුම්වත්භාවය මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සිදුකර තිබිණි.

බාහිර පාර්ශවයක් වන මෙම ආගමික නිකායේ ඉල්ලීමකට අනුව රාත්‍රී කාලයේ පවත්වා තිබුණු මෙම විභාගය සම්බන්ධයෙන් වරින්වර විභාග කොමසාරිස් ජනරාල්වරු විසින් විෂය භාර අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමට හෝ ක්‍රියා කිරීමට හෝ කටයුතු කර නැතැයි විගණන දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ සඳහන් කර ඇත.

රටේ සමස්ත විභාග අයදුම්කරුවන් එකම වේලාවක ඉතාමත් තීරණාත්මක හා තරඟකාරී විභාගයකට පෙනී සිටිය දී එක් ආගමික නිකායක වුවමනාවකට අපේක්ෂකයන් ඉතා සුළු පිරිසක් සඳහා ප්‍රශ්න පත්‍ර පැය 09ක් ප්‍රමාද වී ලබාදීනේ විභාග දෙපාර්තමේන්තුව ම මෙරට විභාග නීතිරීති උල්ලංඝනය කර තිබේ.

එලෙස සීමිත පිරිසක් විසින් විභාග නීති උල්ලංඝනය කරමින් පැය ‍09කට පෙර ලබාදුන් ප්‍රශ්නපත්‍රයකට ප්‍රමාද වී ලිවීමෙන් එය ‍අනෙකුත් සියලු දරුවන්ගේ අනාගතය සඳහා එය බලපෑමක් වන බව නොරහසකි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා එක් ප්‍රශ්නපත්‍රයකින් වුව ද සිදුවන බලපෑම සුළුපටු නොවේ.

මෙය 1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතේ 6.1 වගන්තිය ප්‍රකාරව විභාග ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම ගැටලුසගත තත්වයක් බව ද විගණන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

මෙය විගණන වාර්තාවකට සීමා නොකර මෙතෙක් වසර 50කට වැඩි කාලයක් විභාග වංචා කිරීමට අනුබල දුන් විභාග කොමසාරිස් ජනරාල්වරු, ආගමික නිකායක නායකයන් ඇතුළු සියලු දෙනා සඳහා නීතිය ක්‍රියාත්මක විය යුතු බව rata.lk අපි අවධාරණය කරන්නෙමු.

“සබත” යනු කුමක් ද ?

“සබත” ලෙස පරිවර්ථනය කර ඇත්තේ හෙබ්‍රෙව් වචනයේ අර්ථය “විවේක ගන්න නැත්නම් නවත්වන්න” යන්නයි. පුරාණ ඊශ්‍රායෙල් ජාතියට දීපු ආඥා අතරින් සබත ද එකක් ලෙස හැඳින්වේ. දසපනතේ හතරවෙනි පනත “සබත් දවස ශුද්ධ දවසක් බව මතක තබාගන්න. ඔබ දවස් හයක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන්න. නමුත් හත්වෙනි දවසේ දී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න. ඔබත් ඔබේ දූ පුතුන්වත් ඔබේ දාස දාසීන්වත් ඔබේ සතුන්වත් ඔබේ නුවරේ ජීවත්වන විදේශිකයන්වත් එදින කිසි වැඩක් නොකළ යුතුයි” (නික්මයාම 20:8-10)

බයිබලයේ සබත ගැන සඳහන් වන අයුරු

ක්‍රිස්තියානීන් සතිපතා සබත පවත්වන්න අවශ්‍ය නැහැ. ඔවුන් ඉන්නේ “ක්‍රිස්තුස්ගේ නීතිය” යටතේ. ඒ නීතියට සබත් පැවැතවීම ඇතුළත් නැහැ. (ගලාති 6:2 කොලොස්සි 2:16,17)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!