spot_img
spot_imgspot_img

රිච්මන්ඩ්-මහින්ද “අසමසම වාර්තාවක අතීතාවර්ජනය” වසර 50කට පෙර සජීවී විස්තර ප්‍රචාරයක්

පුවත්

විදෙස්

“ආදරවන්තයන්ගේ සටන” ලෙස විරුදාවලිය ලැබූ රිච්මන්ඩ් මහින්ද මහා ක්‍රිකට් තරඟයේ 1972 වර්ෂයේ මාර්තු 24 සහ 25 දෙදින ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ (දැන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය) පැවැති තරඟයේ දී මහින්ද කණ්ඩායමේ උපනායක පී.එච්.කේ.එච්.රණසිංහ අසමසම වාර්තාවක් තැබුවේය.

එම තරඟයේ දී ම රිච්ම්න්ඩ් නායක ප්‍රසාද් කාරියවසම් විසින් ලකුණු 156ක් රැස්කරමින් ආදරවන්තයන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයකු ඉනිමක ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ සිරිසේන හෙට්ටිගේ විසින් තබා තිබූ 155ක වාර්තාව බිඳ දැමීමයි. හෙට්ටිගේ එම වාර්තාව තබා තිබුණේ ඊට 33 වසරකට පෙරදීය.

නමුත් ඊට පසුදින මහින්ද විද්‍යාලයේ පී.එච්.කේ.එච්.රණසිංහ ලකුණු 162ක් රැස්කරමින් ප්‍රසාද් කාරියවසම්ගේ වාර්තාව පැය 24ක් යාමට පෙර යළි මහින්දයට උදුරා ගත්තේය.

‍මේ ලකුණු සංඛ්‍යාව යම් ක්‍රීඩකයකු ඉදිරි තරඟයක දී ඉක්මවා ගිය ද ඔහු වාර්තාව තැබූ ආකාරයේ විශිෂ්ඨත්වය අභිබවා යාමට කිසිවකුට නොහැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!