spot_img
spot_imgspot_img

විනිසුරුගේ වරදින් සුපිරි පන්දුවාරය දක්වා ගිය තරඟය ඕස්ට්‍රේලියාව ජයගනී

පුවත්

විදෙස්

විනිසුරුවරයාගේ වැරදි තීන්දුවක් හේතුවෙන් ලකුණු සම වූ තරඟයේ ජයග්‍රහණය සුපිරි පන්දුවාරයේ දී ඕස්ට්‍රේලියානුවන් විසින් ජයගැනීම හේතුවෙන් තරඟ 05කින් සමන්විත විස්සයි – 20 තරඟාවලියේ දෙවැනි තරඟයත් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

පන්දු යවන්නන් වුවද අවශ්‍ය විටෙක පිතිකරණයෙන්ද තමන්ට දෙයක් කළ හැකි යැයි පෙන්නුම් කළ දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණගේ පිතිහරඹය හේතුවෙන් ලකුණු 164 ඉලක්කය හඹා යෑමේදී නියමිත පන්දුවාර 20 අවසනදී තරගය සම කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. එහෙත් සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 5 ක් පමණක් වන අතර එය පන්දු 3 කන් ලකුණු 09 ක් වශයෙන් රැස් කර ගැනීමට ඔස්ට්‍රේලියානුවෝ සමත්වූහ. තීරණාත්මක පන්දුවාරය ලකුණු 05 කට සීමා කිරීමට අමතරව පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් ජොෂ් හෙසල්වුඩ් තරගයේ වීරයා ලෙසින් නම් කෙරිණ.

මෙම සංචාරයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය බලාපොරොත්තුව බවට පත්ව සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉන්මේ කොඳු නාරටිය වූයේය. පළමු තරගයේ පරිදිම අද තරගයේදීත් ලකුණු අතරට පිවිසි දකුණත් පිතිකරුවා පන්දු 53 කදී ලකුණු 73 ක් රැස් කරගත්තේය. මෙම ඉනිමේ ඇති සුවිශේෂීතාව වූයේ පීඩනය, පන්දුවේ වේගය, ඉපිලීම මෙන්ම දෝලනය සහිත වූ ඔස්ට්‍රේලියානු ප්‍රබල පන්දු යැවීම යන පිතිකරුවකුට මුහුණ දීමට සිදුවන සියලුම අසීරුතාවයන් හමුවේ නොසැළී සිය අරමුණ කරා යෑමට පැතුම් සමත්වීමය.

ඔහුගේ ඉනිම පිළිබඳ විචාරකයන්ගේ ද පැසසුම් ලැබිණි.

අවසන් පන්දු 18 දී ලකුණු 46 ක් ලබා ගැනීමේ අභියෝගය ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවතිද්දී පැට් කමින්ස්ට සහ ජොස් හෙසල්වුඩ්ට එරෙහිව නිස්සංක එල්ල කරන ලද හයේ පහර 2 හේතුවෙන් තරගය පිළිබඳව යළිත් බලාපොරොත්තු තබා ගැනීමට අවස්ථාව උදාවිය. අවසන් පන්දු 6 දී ලකුණු 19 ක් වූ අභියෝගයේදී පැතුම්ගේ ඉනිම හමාර වූ නමුත්, පසුව පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ මෙන්ම දුෂ්මන්ත චමීර හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කිරීමට සමත්වීම නිසා තරගය සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගියේය.

එම පන්දුවාරය අතරතුරදී ස්ටෝයිනිස් විසින් වයිඩ් සීමාවට ඈතින් වන සේ පන්දුවක් යැවුවද ප්‍රධාන විනිසුරුවූ රොඩ් ටකර් විසින් එය වයිඩ් පන්දුවක් ලෙසින් නම් නොකළේය. විස්තර විචාරයේ නිරතව සිටි ෂේන් වෝන් පවා එය වයිඩ් පන්දුවක් ලෙසින් නම් කර සිටි නමුත් ටකර්ගේ තීරණය ඔස්ට්‍රේලියානුවන්ට වාසි සහගත විය. එය වයිඩ් පන්දුවක් වූයේ නම් අවසන් පන්දුවේ දී එල්ල වූ හතරේ පහරත් සමඟ ශ්‍රී ලංකාවට කඩුළු 02ක ජයග්‍රහණයක් හිමිවීමට තිබිණි.

අවසන් පන්දුවාර 5 දී රැස් කරගන්නා ලද ලකුණු 47 ත් සමඟ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 164 ක් රැස් කර ගැනීමට ඔස්ට්‍රේලියානු පිලට හැකියාව ලැබිණ. එහිදී දෙවැනි විස්සයි-20 තරගයට ක්‍රීඩා කළ ජොෂ් ඉංග්ලිෂ් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූවේය. කිසිදු චකිතයකින් තොරව පන්දුවට පහර දුන් දකුණත් පිතිකරුවා රැස් කරන ලදච ලකුණු 48 ට පන්දු 32 ක් පමණක් වැය කළේය. හතරේ පහර 5 ක්ද ඇතුළත් වුණු එම ඉනිම මුලු ලකුණු සංඛ්‍යාව 113 ක්ව තිබියදී නිමාවමට පත්විය. ඉනිමේ එකම හයේ පහරේ හිමිකරුවා බවට පත්වූ මැතිව් වේඩ් පන්දු 4 කදී ලකුණු 13 ක් රැස් කිරීම නිසා ලකුණු වේගය ඉහළ දැම්මේය. බිනුර ප්‍රනාන්දුට කොවිඩ් වෛරසය ආසාධනය වීම නිසා අද තරගයේදී නුවන් තුෂාර විස්සයි-20 වරම් හිමිවූවේය. ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාරගේ නම ඉදිරියෙන් බෙන් මැක්ඩර්මට්ගේ කඩුල්ල ලියැවුණේය. කෙසේ වෙතත් සිය පන්දුවාර 4 අවසන් වන විට ලකුණු 41 ක් ඔහුගෙන් උදුරා ගැනීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ සමත්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!