spot_img
spot_imgspot_img

විදෙස්ගත ලාංකිකයන් මුදල් නොඑවීමෙන් රට ම ලොකු අමාරුවක. වරද මහ බැංකුවේ ද ?

පුවත්

විදෙස්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මාසිකව එවනු ලබන විදේශීය මුදල් 2021 වර්ෂයේ දී ඉතාමත් අඩු අගයක් ගැනීම ශ්‍රී ලංකාවේ විදේශ මුදල් අර්බුදයට එක් හේතුවක් බව මහ බැංකු වාර්තා අනුව පෙනී යයි.

2021 ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වාම විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටී ඇති බව එම දත්ත විශ්ලේෂණය කිරිමේ දී පෙනී යයි.

මූල්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ එලෙස මුදල් එවීම අඩුවී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරයට නිසි වටිනාකමක් නොදී එය බලෙන් පාලනය කිරීම බවයි. 2021 ජුනි මාසය වනවිට ඩොලරය රුපියල් 200කට ආසන්න වූ අතර එය එම ප්‍රමාණයෙන් ම මේ දක්වා රඳවාගැනීමට රජය කටයුතු කර ඇත. නමුත් එහි සැබෑ වටිනාකම මේ වනවිට රුපියල් 300.00කට ආසන්න වී තිබේ.

විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන ‍විදේශ මුදල්වලට සරිලන රුපියල් ප්‍රමාණයක් මෙරට දී ලබා නොදීමට රජය රුපියල පාලනය කරන බැවින් විදේශරටවල සිට මෙරටට මුදල් එවීම අවම වී තිබේ. ඔවුන් මුදල් එවනු ලබන්නේ අත්‍යාවශ්‍යම කටයුතු සඳහා පමණි.

2020 වර්ෂය පුරා විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 7,106ක මුදල් ප්‍රමාණයක් එවා ඇති අතර 2021 වර්ෂයේ දී එවා ඇති විදේශ මුදල් ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ‍ඩොලර් බිලියන 5,490කි. ඒ අනුව සමස්ත 2021 වර්ෂයේ දී 2020 වර්ෂයට සාපේක්ෂව මෙරටට විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු විදෙස් මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,616 කින් හෙවත් ඩොලර් බිලියන 1.6කින් අඩුවී තිබේ.

මෙහි වඩාත්ම අවධානය යොමුවිය යුතු කරුණ වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරයට ලබාදෙන රුපියල් ප්‍රමාණය එකම මට්ටමක රඳවාගැනීමට තීරණය කළ ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දැක්වා සළකා බැලිය යුතු වීමයි.

එහි දී පෙනී යන කරුණක් නම් 2020 වර්ෂයේ ජුනිි සිට දෙසැම්බර් දක්වා කාලයේ දී විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවූ විදස් මුදල්ප්‍රමාණයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,699ක් හෙවත් බිලියන 4.699කි. නමුත් එයට සාපේක්ෂ 2021 වර්ෂයේ දී විදෙස්ගත ශ්‍රමිිකයන්ගෙන් මෙරටට ලැබී ඇති විදෙස් මුදල් ප්‍රමාණයේ වටිනාමක ඇමෙරිකානු ඩොලර් බිලියන 2,644ක් හෙවත් බිලියන 2.644කි. ඒ අනුව ඒ අනුව ජුනි සිට දෙසැම්බර් දක්වා මාස 07ක දී මෙරටට ලැබුණු විදේශ මුදල් ප්‍රමාණය පෙර වර්ෂයට වඩා බිලියන 2.055ක අඩුවක් පෙන්වයි.

ආර්ථික විශේෂඥයන් පවසන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පාවීමට සැළසුවේනම් විදේශගත ශ්‍රමිකයන්ගෙන් වැඩි ඩොලර් ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!