spot_img
spot_imgspot_img

යෝධ ග්‍රහකයක් අද පෘථිවියට ආසන්නයෙන් යයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (18) රාත්‍රී 9.51ට පෘථිවිය ආසන්නයෙන් යෝද ග්‍රහයක් ගමන් කරන බව නාසා ආයතනය නිවේදනය කරයි.

කිලෝ මීටර 01ක (අඩි 3,280) විශ්කම්භයකින් යුතු මේ ග්‍රහකය මුල්වරට හඳුනාගෙන ඇත්තේ 1994 වර්ෂයේ දී ය. එ අනුව (7482)1994PC1 ලෙස නම් කර ඇති මේ ග්‍රහකය පැයට සැතපුම් 43,754  (පැයට කිලෝ මීටර 70,415.23ක්) වේගයෙන් හෙවත් තත්පරයට කිලෝ මීටර 19.56ක වේගයෙන් ගමන් කරමින් තිබේ.

නාසා ආයතනය පවසන්නේ එම ග්‍රහකය පෘථිවියට ආසන්නම වන අවස්ථාවේ කිලෝ මීටර ලක්ෂ 19.3ක් දුරින් පිහිටන බවයි.

එබැවින් එය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුවීමට ඉඩක් නැත.

මෙම ග්‍රහකය දුරේක්ෂයකින් නැරඹීමට හැකියාව ඇත.

එය යළි 2105 ජනවාරි 18 වැනි දා පෘථිවිය ආසන්නයෙන් ගමන්කිරීමට නියමිත අතර එවර ද එය මේ හා සමාන දුරකින් ගමන් කරන බව විද්‍යාඥයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!