spot_img
spot_imgspot_img

2021 දී කොටස් වෙළෙඳ පොළෙන් රජයට මිලියන 7,000ක ශුද්ධ ආදායමක් ලැබිලා

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 56,912ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 7,069ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 215කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය 13,337ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 656ක්, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 609ක්, එල්ඕඑල්සී ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 441ක් ලෙසත්, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 39ක්, එස්එන්බී ලීසිං සමාගම රුපියල් මිලියන 15ක්, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපිපයල් මිලියන 15ක් ලෙසත්, ප්‍රමුඛ විය.

කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 752ක වත්කම් හිමිකරගෙන ඇති එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේත්, රුපියල් බිලියන 653ක වත්කම් හිමිකරගෙන ඇති එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම දෙවැනි ස්ථානයේත්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් බිලියන 244ක වත්කම් හිමිකරගෙන තුන්වැනි ස්ථානයේත් රැඳී තිබිණි.

මිලේනියම් හවුස් සමාගමේ කොටස් මිල අද දිනයේ 38%කින් ඉහළ ගිය අතර, ඩයලෝග් ෆිනෑන්ස් සමාගමේ කොටස් 24%කින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් 21%කින් ද ඉහළ යාම කැපී පෙණිනි.

සංවෘත කවය තුළ ටෙක්සචර්ස් ජර්සි සමාගමේ කොටස් 1,446,000ක් රුපියල් 50.00 බැගින් ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගමේ කොටස් ලක්ෂ 12ක් රුපියල් 16.90 බැගින් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගමේ කොටස් 5,574,000ක් රුපියල් 28.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 188ක ආයෝජන ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් ‍රුපියල් මිලියන 340ක කොටස් විකුණා තිබූ අතර රුපියල් මිලියන 152ක කොටස් මිල දී ගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ටක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 51යි, හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 34යි, සීඅයිසී සමාගම රුපියල් මිලින 21යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 07යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03යි වශයෙන් ද විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සොෆ්ට් ලොජික් සමාගම රුපියල් මිලියන 98යි, ඩයලොග් අසියාටා සමාගම රුපියල් මිලියන 60යි, රෙජින්ස් සමාගම රුපියල් මිලියන 49යි, සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 39යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 13යි වශයෙන් ප්‍රමුඛ විය.

කොටස් වෙළෙඳ පොළෙහි දැනට ක්‍රියාත්මක ගිනුම් අතරින් මුළු පිරිවැටුම 95%ක් දේශීය ආයේජකයන් විසින් ගනුදෙනු කිරීම සුවිශේෂී තත්වයකි.

2021 වර්ෂය මූලික කොටස් නිකුතු 28ක් සාර්ථකව ගනුදෙනු සඳහා එක්ව ඇත. එමෙන්ම 2021 වසරේ දිනක දී ආයෝජකයන් 63,163ක් ගනුදෙනු සඳහා සහභගී වී තිබේ.

එය 2020 වර්ෂයට සාපේක්ෂව 70%ක වර්ධනයක් බවත් වාර්තා වී තිබේ.

2021 දී සමස්ත කොටස් මිල දර්ශකය 80%කින් ඉහළගොස් වසර අවසානය වනවිට සමස්ත සමාගම්වල වටිනාකම බිලියන 5,480 ඉක්මවා තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ මගින් පමණක් සෘජුවම ශ්‍රී ලංකා රජයට බිලියන 07ක ආදායමක් උපයා දී අති අතර සුරැකුම්පත් විනිමය කොමිසම් සභාව වෙත රුපියල් බිලියන 1.6ක ආදායමක් ද උපයා දී තිබේ.

(විශලෛ්ෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!