spot_img
spot_imgspot_img

දුම්රිය වර්ජනයක්. ගමන් වාර 200ක් පමණ අවලංගුයි

පුවත්

විදෙස්

දුම්රිය වර්ජනයක් ආරම්භ වී ඇති බැවින් මේ වනවිට දුම්රිය ගමන්වාර 200ක් පමණ අවලංගුවී තිබේ. ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ අද (13) කාර්යාල දුම්රිය 80ක් ධාවනය කිරීමට කටයුතු සළසා ඇති බවයි.

ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් මේ වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ දුරගමන් සේවා දුම්රිය සහ කලින් ආසන වෙන්කළ දුම්රිය නොදන්වා අවලංගු කරමිනි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසන්නේ මෙවැනි කතාවකි.

“අපේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්න් නැහැ. දුම්රිය කාල සටහන යාවත්කාලීන කරනවා කියලා දුම්රිය ආසන පවා වෙන් කළාට පස්සේ අවලංගු කිරීමට පාලන අධිකාරිය කටයුතු කරනවා. මේවා හිතාමතා කරන දේවල් කියලා අපට සැකයක් තියෙනවා. තෝරාගත් වෘත්තීය සමිති කිහිපයක් සමඟ කේවල් කරලා ඔවුන්ට පහසුකම් දෙමින් දුම්රිය පාලන අධිකාරිය කරන අත්තනෝමතික තීරණවලට එරෙහිව අපි අකමැත්තෙන් වුණත් පැය 24ක වැඩ වර්ජනයක් නොදන්වාම සිදුකළා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!