spot_img
spot_imgspot_img

විශ්‍රාම වයස 65ට විශ්‍රාම හිමිකම වසර 10ට දීර්ඝ කරයි

පුවත්

විදෙස්

2022 අයවැය විධිවිධාන අනුව රාජ්‍ය සේවයකයන් විශ්‍රාම යාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් චක්‍රලේඛය අද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිර විසින් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධ අමාත්‍ය මණ්ඩල යෝජනාවට පසුගිය 03 වැනි දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට අවශ්‍ය සංශෝධන සිදුකරන බවත් රජය දන්වා සිටියි.

අද නිකුත් කළ චක්‍රලේඛය අනුව 2022 ජනාවාරි 01 වැනි දා සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනයම් ව්‍යවස්ථාවක් මගින් හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසක් තීරණය කර නැති සියලුම රජයේ සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කර තිබේ.  

මීට පෙර දෙසැම්බර් 14 වැනි දා රාජ්‍ය ව්‍යාපාරයන්හි නිරත සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීමේ චක්‍රලේඛයක් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල විසින් නිකුත් කෙරිණනි.

එමගින් දැනුම් දී තිබුණේ රාජ්‍ය ව්‍යාපාරයන් හි සේවකයන් සඳහා විශ්‍රාම යාමේ වයස 57 සිට 62 දක්වා දීර්ඝ කර ඇති බවයි. ඒ අනුව ඊට පෙර විශ්‍රාම යන්නේ නම් තම පත්වීම් බලධාරියා ලෙස මාස 03කට පෙර දැනුම් දී විශ්‍රාම ගැනීමට හැකියාව ඇති බව ද එම චක්‍රලේඛයේ සඳහන්ව තිබිණි.

2022 ජනවාරි 01 වැනි දින හෝ ඊට පසු දිනක විශ්‍රාම ලැබීමට අපේක්ෂාවෙන් සිටින නිලධාරීන් මේ වනවිටත් විශ්‍රාම පූර්ව නිවාඩු ලබානෙ ඇත්නම් මෙම චක්‍රලේඛය අනුව තවදුරටත් සේවය කරන්නේ නම් එසේ ලබාගෙන ඇති විශ්‍රාම පූර්ව නිවාඩු ගණන ඉදිරියේ දී විශ්‍රාම ගන්නා අවස්ථාවේ ගන්නා විශ්‍රාම පූර්ව නිවාඩුවලින් අඩුකර ගත හැකි බව ද මෙම චක්‍රලේඛයේ සඳහන් වේ. ඒ සඳහා කැමැත්ත ඔහු විසින් ලිඛිතව ලබාදීමෙන් පසු දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් කළ යුතුය.

දැනට විශ්‍රාම ගැනීම අනුමත කරගෙන සිටින නිලධාරින්ට ඔවුන්ගේ කැමැත්ත මත තවදුරටත් වයස් සීමාව දක්වා සේවය කිරීමේ අවස්ථාවව හිමිවෙයි.

‍එමෙන ්ම විශ්‍රාම වැටුප්ප හිමිකම ලබන නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබීමට අවශ්‍ය අවම සේවා කාලය වසර 05 සිට වසර 10 දක්වා දීර්ඝ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!