spot_img
spot_imgspot_img

වාරියපොළ සභාපති ධූරයෙන් ඉවත්කරයි

පුවත්

විදෙස්

වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති තිලකරත්න බණ්ඩාර දිසානායක (ඩී.බී.තිලකරත්න) එම තනතුරින් ඉවත්කිරීමේ විශේෂ ගැසට් නිවේදනයක් වයඹ පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් නිකුත් කර තිබේ.

ඩී.බී.තිලකරත්න සභාපති ධූරයේ කටයුතු කරන කාලයේ දී එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකු පත්කර තිබූ අතර එම විමර්ශනවල දී සියලු චෝදනාවලට සභාපතිවරයා වරදකරුවකු වූ බැවින් එම විමර්ශන පදනම් කරගෙන මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

2022 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති, තිලකරත්න බණ්ඩාර දිසානායක ධූරයෙන් ඉවත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!