spot_img
spot_imgspot_img

පොහොර සමාගම්වලට කෝටි 150ක් වැඩිපුර ගෙවලා. විගණකාධිපති තහවරු කරයි

පුවත්

විදෙස්

සහනාධාර යටතේ පොහොර ලබාදීමට මෙරටට පොහොර ආනයනය කළ සමාගම් සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය රුපියල් කෝටි 50ක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත්කළ වාර්තාවක දැක්වේ.

පොහොර සමාගම් 11 විසින් 2020 වර්ෂයේ පළමු සහ දෙවැනි කාර්තුවේ දී අවස්ථා 213ක දී මෙරටට පොහොර ආනයනය කර තිබිණි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවේ දැක්වෙන්නේ එම පොහොර ගෙන්වූ අවස්ථා 213 දී ම ආනයනික මිලට වඩා වැඩි මිලක් මිල කමිටුව මගින් තීරණය කර මුදල් ගෙවා ඇති බවයි.

මෙයට අමතරව 2018 වර්සයේ දී ද පොහොර ආනයනය කළ සමාගම් කිහිපයකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ මිල කමිටුවේ මිල සූත්‍රයට පටහැනිව යමින් රුපියල් කෝටි 100කට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ද අනාවරණය වී තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ පොහොර වර්ග හතරකින් ගෙන්වූ මෙට්‍රික් ටොන් 156,272.5ක් සඳහා මෙලෙස වැඩිපුර මුදල් ගෙවා ඇති බවයි.

ඒ අනුව මෙම අයතා ගනුදෙනු 2018 සහ 2020 වර්ෂවල දී සිදුව ඇත.

මිල ගණන් තීරණය කිරීමේදී රජයට අවාසියක් නොවන පරිදි,  සාධාරණ ආකාරයට එම  කටයුතු කිරීමට   මුදල් කමිටුවට හැකියාව තිබුණත් එවැන්නක් සිදුවී නැතැයිද  විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!