spot_img
spot_imgspot_img

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් දෙදෙනෙක් මරුට

පුවත්

විදෙස්

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පාලටුව සහ කපුදූව අන්තර් හුවමාරු අතර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

අද (22) අළුයම මෙම අනතුර සිදුව ඇත. මත්තල දෙසට ධාවනය වූ ට්‍රක් රථයක් අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස නවතා තිබිය දී එම දෙසටම ධාවනය වූ බවුසරයක් නවතා තිබූ ට්‍රක් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ බවුසරයේ ගමන් කරමින් පුද්ගලයකු සහ රියදුරා මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

රථයේ ගමන් කරමින් සිටි කඩවත පදිංචි වයස අවරුදු 72ක පුද්ගලයෙක් එම ස්ථානයේ ම මියගොස් ඇති අතර 61 හැවිරිදි රියදුරා මාතර මහ රෝහලට ඇතුළත්කරන අවස්ථාවේ දී මිය‍ගොස් ඇත. ඔහු ගෝනවල පදිංචිකරුවෙකි. බවුසරයේ රිය සහායකයා බරපතල තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!