spot_img
spot_imgspot_img

මහින්දයේ හිටපු වැ.බ. විදුහල්පති පොලිසියට භාර වෙයි

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන තමන් වැඩ ආවරණය කළ විදුහල්පතිවරයාව සිටිය දී කළ බව කියන විෂමාචාර කිහිපයක් සඳහා පොලිසියෙන් සොයමින් සිටි බැවින් අද (01) පෙරවරුවේ ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණ භාර වී ඇත.

එම විෂමාචාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයක දී ම දැනුම් දුන්න ද ඔහු පොලිසිය මඟ හැර සිටි අතර පොලිසිය සෝදිසි මෙහෙයුම් කිහිපයක් ද සිදුකර තිබිණි. මේ අතර පසුගිය 29 වැනි දා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කිරීමේ නියෝගයක් ද නිකුත් කෙරිණි.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ ප්‍රකාශයක් සහටන් කරගැනීමෙන් පසු ගාමිණී ජයවර්ධන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ගිනුමෙන් රුපියල් 2,356,000.00ක මුදලක් සාවද්‍ය ලෙස චෙක්පත් ලියමින් සහ කූඨ ලේඛන සකසමින් වංචා කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක ගාමිණී ජයවර්ධන සැකකරුවෙකි. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 02 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පාසල් ලිපිකාරිනිය විසින් ගාල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ගාමිණී ජයවර්ධනට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබේ. එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ ඔහු විසින් තමන්ට ලිංගික අපයෝජන සිදුකළ බවයි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

පාසලක සංවර්ධන සමිතියේ ගිනුම යනු රජයේ පාලනය යටතේ තිබෙන විණනයට ද යටත් ගිනුමකි. එබැවින් එය පොදු දේපළක් වෙයි. මෙම ගිනුමට රජයේ අරමුදල්වලට අමතරව පාසලට සුබ පතන්නන්ගේ පරිත්‍යාගයන් සහ අරමුදල් ලබාගත හැකි වුව ද එයට ලැබෙන සියලු පරිත්‍යාගයන් සහ අරමුදල් පරිහරණය කිරිමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයට හා අනුමැතියට යටත් වේ.

පාසල් සංවර්ධන සමිතියේ ගිනුමට අමතරව ගාල්ල මහින්ද විද්‍යාලයේ තවත් රජයේ ගිනුම් දෙකක් තිබේ. එකක් වන්නේ නේවාසිකාගාරයක් ඇති පාසලක් බැවින් නේවාසිකාගාර ගිනුමයි. අනෙක් ගිනුම වන්නේ මහින්ද විද්‍යාලය ක්‍රීඩා පාසලක් බැවින් ක්‍රීඩා කටයුතු සඳහා වෙන්කරන මුදල් සඳහා පවත්වාගෙන යන ක්‍රීඩා ගිනුමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!