spot_img
spot_imgspot_img

ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 05ක දැඩි අවදානමක්

පුවත්

විදෙස්

ගාල්ල, මාතර, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල කොරෝනා අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියයි.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල කොරෝනා වසංගතය යළි වේගයෙන් පැතිරයාමේ ප්‍රවණතාවක් ඇති අතර ඒ අතරින් එම දිස්ත්‍රික්ක 05 ප්‍රධාන බව ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ද මේ බව සනාථ කර තිබේ.

“කොරෝනා යළි පැතිරීමේ ප්‍රවණතාවක් පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ නිසා සති අන්තයේ විනෝද චාරිකාවල යෙදෙන්න එපා කියා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් ම උත්සව, මඟුල්ගෙවල්, පිංකම් ඇතුළු මහජන ඒකරාශීවීම්වලට සම්බන්ධ නොවන ලෙස අපි ඉල්ලනවා.” යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඊයේ (18) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 737 දෙනෙකු වාර්තා වාර්තා විය. දැනට දිනන 05ක සිට අඛණ්ඩව දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගොස් ඇති අතර මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 554,459කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!