spot_img
spot_imgspot_img

කැබිනට් මණ්ඩලය නීති විරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පුවත්

විදෙස්

අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බැවින් එම පත්වීම් නීති විරෝධී බවට තීරණය අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම ගොනුකරන ලද්දේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා විසිනි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නීතිපති නම්කර තිබේ. නීතියට පටහැනිව යමින් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමෙන් තමන්ගේ සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පෙපත්සම්කරු පවසයි. එබැවින් අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය වළක්වාලන අතුරු නියෝගයක් ද නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටියි.

එම පෙත්සමේ සඳහන් කර ඇත්තේ පසුගිය ජූලි 07 වැනිදායින් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47.1 වගන්තිය උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයා විසින් නියමිත ප්‍රමාණය ඉක්මවා කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කර ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47.1 (ආ) වගන්තිය අනුව කැබිනට් මණ්ඩලය සදහා පත් කළ හැකි අමාත්‍යවරු සංඛ්‍යාව උපරිමය 30 ක් වේ.එම විධි විධාන උල්ලංඝනය කරමින් බැසිල් රාජපක්ෂට මුදල් අමාත්‍ය ධූරයත්, මහින්ද රාජපක්ෂට සැළසුම් අමාත්‍ය ධූරයත් ඉකුත්දා පිරිනැමූ බව දක්වා ඇත.

තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47.1 (ආ) වගන්තිය අනුව  රාජ්‍ය අමාත්‍යවරුන් පත් කළ හැක්කේ 42 ක් පමණකි.එම ප්‍රතිපාදන වලට පටහැනිව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, දිලුම් අමුණුගම, චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ( කැබිනට් අමාත්‍ය ධූරයට අමතරව ) රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත් කිරීමෙන් රාජ්‍ය අමාත්‍ය සංඛ්‍යාව 44 දක්වා වැඩි වී ඇතැයි ද පෙත්සම්කරු පෙන්වා දෙයි.

පෙත්සමේ දැක්වෙන්නේ ඒ අනුව නීතීයේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!