spot_img
spot_imgspot_img

බෑගයක දමා ගිය කාන්තා මළ සිරුරක් සොයාගනී

පුවත්

විදෙස්

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය අසළ මාර්ගයේ කසළ ගොඩක තිබූ ගමන් බෑගයකින් කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි.

දැඩි දුඟදක් හමන බවට ප්‍රජා ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමේ දී මෙම බෑගය සොයාගෙන ඇත. මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 35-40ක් පමණ වූ කාන්තාවක යැයි සිතන බවත් ඇගේ අත් පා ගැටගසා තිබූ බවත් පොලිසිය පවසයි. මිය ගිය කාන්තාවව රතු පැහැති ඇඳුමක් හැඳ සිටියාය.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. සපුගස්කන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණය සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!