spot_img
spot_imgspot_img

ගෑස් මිල යළි සංශෝධනය කරයි

පුවත්

විදෙස්

ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෑස් මිල අද (11) යලි සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,257.00 කින් ඉහළ දමා රුපියල් 2,750.00කට මිල නියම කළ ද අද එය රුපියල් 75.00කින් යළි පහළ දමා ඇත.

ඒ අනුව නව මිල රුපියල් 2,675.00ක් බවට පත්වෙයි.

කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් ඊයේ රුපියල් 503.00කින් ඉහළ දමා මිල 1,105.00ක් ලෙස සඳහන් කර තිබුණ ද එහි මිල ද අද රුපියල් 30.00කින් යළි පහළ දමා ඇත. ඒ අනුව නව මිල රුපියල් 1,071.00ක් වෙයි.

කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 231.00කින් ඉහළ දමා මිල රුපියල් 520.00ක් ලෙස සඳහන් කළ ද එහි නව මිල සංශෝධනය අනුව රුපියල් 14.00කින් යළි අඩුකර තිබේ. ඒ අනුව නව මිල රුපියල් 506.00කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!