spot_img
spot_imgspot_img

තෙල් මිලත් වැඩිකරන්න සිදුවන බව උදය ගම්මන්පිල කියයි

පුවත්

විදෙස්

ඉන්ධන මිල වැඩිකරන්න යැයි රජයෙන් ඉල්ලීමක් කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්තාව පවසයි.

මේ බව කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ අද (11) මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ඔහු පවසන්නේ පසුගිය අගෝස්තු මාසයේ දී රුපියල් බිලින 70ක පාඩුවක් ඛනිජ‍ තෙල් නීතිගත සංස්ථාවට සිදුව ඇති බවයි.

“මේ වනවිට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 31.46ක් සංස්ථාවට පාඩු සිදුවනවා. අගෝස්තු මාසයේ දී සැළකූ විට බිලියන 70ක පාඩුවක් සිදුව තිබෙනවා. මේකට කළ යුතු දේ ඉන්ධන මිල ඉහළ දැමීම. ඒ නිසා අපි රජයේ අවධානය යොමුකරනවා මිල වැඩිකිරීම්ක අවශ්‍ය බව අපි ඉල්ලා සිටිනවා.” යැයි සභාපතිවරයා කීවේය.

උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසන්නේ මෙවැනි කතාවකි.

“අපි ඉන්ධන මිල වැඩි කළේ ජුනි මාසයේ වෙළෙඳ පොළ තිබූ මිල ගණන් පදනම් කරගෙන. එතකොට ප්‍රෙටල් ඩොලර් 74ට තිබුණා. නමුත් දැන් 92ක් වෙලා තියෙනවා. එදත් අදත් සන්සන්දනය කරද්දී එය විශාල මිල ඉහළ යාමක්. මෑත ඉතිහාසයේ වාර්තා වූ වැඩිම මිල තමයි දැන් වාර්තා වෙන්නේ. අපි මෙය හැකිතරම් දරාගෙන ඉන්නවා. නමුත් ඕනවට වඩා බර උස්සන්න ගියාම කොන්ද කැඩෙන්න පුළුවන්. ආණ්ඩුවට පුළුවන් යම් සහනයක් දෙන්න. ඒ සහනය දෙනවානම් මිල වැඩි කරන්න අවශ්‍ය නෑ. ඒක අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කරලා කළ යුුතු දෙයක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!