spot_img
spot_imgspot_img

ලොවපුරා සමාජ මාධ්‍යවල හදිසි බිඳවැටීමක්

පුවත්

විදෙස්

Facebook, WhatsApp, Instergram, Messenger යන සමාජා මාධ්‍ය ජාලා ලෝකය පුරාම බිඳ වැටී තිබේ. මේ සමාජ මාධ්‍යජාලාවල හිමිකාරීත්වය ඇති facebook ආයතනය මෙතෙක් ඒ ගැන කිසිදු නිවේදනයක් සිදුකර නැත.

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක‍ ඩේලිමේල් වෙබ් අඩවිය පවසන්නේ බ්‍රිතාන්‍යයේ සම්මත වේලාවෙන් 16.44ට මේ බිඳවැටීම සිදුව ඇති බවයි.

AP පුවත් සේවය වාර්තා කර ඇත්තේ ෆ්‍රැන්සිස් මෝගන් විසින් මෙහෙයවූ 60 minites නමැති වැඩසටහනට එක් වූ දත්ත විද්‍යාඥයකු විසින් හෙළි කළ ආන්දෝලනාත්මක කරුණු හේතුවෙන් මේ බිඳවැටීම සිදුවන්නට ඇති බවයි. එම සාකච්ඡාවේ දී ඔහු විසින් හෙළිකර ඇත්තේ facebook සමාගමේ ඉහළ පෙළෙි නිලධාරියකු විසින් සමාගමට අදාළ රහස්‍ය තොරතුරු වාර්තා අතිවිශාල ප්‍රමාණයක් මුදාහැර ඇති බවකි. එම සමාගමේ කීර්ති නාමයට එමගින් විශාල බලපෑමක් ඇතිවේ යැයි ද ඔහු සඳහන් කර තිබිණි.

මේ අතර ෆේස්බුක් සමාගම සෑම සමාජ මාධ්‍යයකම දැන්වීමක්ක ප්‍රදර්ශනය කරමින් කියා තිබුණේ යමක් වැරදී ඇති බැවින් එය නිවැරදි කිරීමට තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම ෆේස්බුක් සමාගමේ සන්නිවේදන කළමනාකරු වන ඇන්ඩි ස්ටෝන් ට්විටර් පණිවිඩයක් මගින් ලොව පුරා සිටින ‍ෆේස්බුක් ග්‍රාහකයන්ගෙන් සමාව ඉල්ලා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!