රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට අනුගතව සිටියි.

නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේ දී ම නූතන මානව සංස්කෘතියෙන් ඛණ්ඩනය වී වන ආශ්‍රිතව දිවි ගෙවූ ජන කොට්ඨාසයකි මෙරට “වැදි ජනතාව”. ඔවුන් වැද්දන් යනුවෙන් හැඳින්වුව ද අද ඔවුන් හැඳින්වීමට යොදා ගනු ලබන්නේ ආදි වාසීන් යන පදයයි. එමගින් ඔවුන්ට යම් ගෞරවාර්ථයක් ගෙන ඒමට තැත් දැරුව ද “විද්” යන ධාතුවෙන් හටගත් “වැද්දා” යන්න තුළ ගැබ්ව ඇත්තේ ඔවුන් දුනු හී දරමින් සිටි පිරිස බවයි.

ඔවුහු සාමාන්‍ය ජන සමාජයෙන් වෙනස්ව තවමත් පාරම්පරික ජීවන රටාවකට, ආහාර රටාවකට, සංස්කෘතික, ආගමික හා සිරිත් විරිත් සමුදායකට උරුම කම් කියන්නේ සමස්ත ශ්‍රී ලංකාවට ම ආභරණයක් බවට පත්වෙමිනි.

සංස්කෘතිකමය වශයෙන් ඔවුන් මෙරට සාමාන්‍ය වැසියන්ගෙන් වෙනස්ව සිටිය ද ඔවුන් ද අපේ ම ඥාති වර්ගයාය.

මේ වනවිට ඒ රැහේ නායකයාගේ සහකාරිය ජීවිතයෙන් සමුගෙන ඇත. ඇය කොවිඩ් වසංගතයට ගොදුරු වූවාය.

දඹානේ වැදි රැහේ කොරෝනා පැතිරෙමින් තිබෙන බව වරින් වර වාර්තා වුව ද රැහේ නායකයා වූ ඌරුවරිගේ වන්නියල ඇත්තන්ගේ නිවසටත් කොරෝනා රිංගා ඔහුගේ සහකාරිය හීන්මැණිකාට කොරෝනා ආසාදනය වූ බව අසන්නට ලැබෙන්නේ පසුගිය අගෝස්තු මස 27 වැනි දා ය.

මහියංගණය රෝහලට ඇතුළත් කළ ඇය අසාධ්‍ය වීම හේතුවෙන් පසුව පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබිණි. නමුත් ඊයේ (04) ඇය තම ජීවිතයට සමු දුන්නාය. මියයන විට 64 වැනි වියේ පසු වූ ඇය දරුවන් 09 දෙනකුගේ මවකි.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිය අනුව හෙට (06) මහියංගණය පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

අද (05) පේරාදෙණිය රෝහලට ගිය වනියල ඇත්තෝ නිරෝධායන රෙගුලාසි අනුගමනය කරමින් තම සහකාරියට අවසන් ගෞරව දැක්වූවාය. කොරෝනා ආසාදිතව මියගිය තැනැත්තකුගේ සමීපතම ඥාතිකුට දේහය පෙන්වීම සිදුකරයි. ඒ අනුව ඔහු එම අවස්ථාවට සහභාගී වූයේය.

වැදි රැහේ යමකු මියගිය විට ඔවුන් කටයුතු කරන ආකාරය අපට වඩා බොහෝ සෙයින් වෙනස්ය.

මෙරට අවමංගල්‍ය චාරිත්‍ර පිළිබඳ ඉතා දිගු අතීතයක් තිබේ. ගල්ගුහාවල දිවි ගෙවවමින් ගල් ආයුධ භාවිතා කළ යු‍ගයේ මියයන ඥාතීන් ගුහාවෙන් පිටත තැනක වළලා පසුව ඒ වළ හාරා හිස්කබල ගෙනවිත් ගුරු ගල් කුඩුකර හිස්කබලේ අතුල්ලා ගල් ගුහාවේ වැළලූ අතීතයක් තිබිණි.

ඉන් පසු යුගයක සොහොන් නිර්මාණය කළ යුගයක් තිබූ බව ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමියෙන් තහවුරු වෙයි. එම ස්ථානයේ ම සාදා තිබූ පීඨිකාවක දේහ ආදාහනය කර හෝ වෙනත් තැනක වළලා තිබූ සිරුරේ අස්ථි කොටස් එකතු කර මැටි බඳුන්වල තැන්පත් කර මියගිය තැනැත්තා භාවිතා කළ ආභරණ හා අවි ආයුධ සහිතව වැළලීමේ සංස්කෘතියක් තිබී ඇත. එසේ වළලන මංජුසාව විශාල ගල් පතුරු හතරකින් වට කර ඒ මත තවත් ගල් පතුරක් තබා ඔවුහු සොහොන් නිර්මාණය කළහ.

මෙරටින් හමුවන මෙගලිතික සුසාන භූමිවලින් කියවෙන්නේ ඔවුන් එකළ ජනතාව සැළසුම් සහගතව අවමංගල්‍ය චාරිත්‍ර ඉටුකර ඇති බවිය.

කෙසේ වෙතත් සිංහල සංස්කෘතියෙන් වෙනස්ව ඛණ්ඩනය වී වර්ධනය වන වැදි සමාජය අද දක්වාම තමන්ට ආවේණික වූ අභිචාර විධි අනුගමනය කරයි.

මේ අතර අවමංගල්‍ය චාරිත්‍ර ද අපූරුය. නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් වැදි රැහේ නායකයාගේ ජීවිත සහාකාරියට තම වරිගයෙන් උරුම වූ අවමංගල්‍ය චාරිත්‍ර අහිමි වී ගොසිනි.

අතීත රජදරුවන්ගේ මළ සිරුරු සහ භික්ෂූන් වහන‍්සේලාගේ සිරුරු හැර අනෙක් මළ සිරුරු ආදාහනය කළේ නැත. මළ සිරුරු වළලන ලද්දේ ද ප්‍රභූවරුන්ගේ පමණි. බ්‍රිතාන්‍ය පාලනයේ මුල් කාලයේ දී වැද්දන් ඇතුළු මෙරට බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් පුරුදුව සිටියේ කෙනෙකු මියගිය විට එම සිරුර වනයට ගෙන ගොස් දැමීම හෝ මියගිය තැනම අතහැර දමා යාමයි.

මේ පිළිබඳ 1859 දී Ceylon නමැති ප්‍රකාශනයේ ද දැක්වේ. වැදි ජනාතව කෙනෙකු මළ පසු ඒ මළ සිරුරේ පපුව මත ගලක් තබා ඔහු හෝ ඇය භාවිතා කළ සියළු උපකරණ ද රැගෙන එතැනින් ඉවත්ව යන අයුරු ද එහි විස්තර කර තිබේ.  

නමුත් ඒවා ක්‍රමයෙන් වෙනස් විය.

20 වැනි සියවසේ ආරම්භය වනවිට වැද්දන්ගේ අවමංගල්‍යය උත්සව ඉතාමත් චාම් හා සරල ස්වභාවයක් ගෙන තිබිණි.

වැදි නිවසක මරණයක් සිදු වූ විට ගස්වලින් ගලවා ගන්නා ලද පතුරු මළ සිරුර වටා තබා වැල්වලින් බැඳ පොළොවේ හාරන වළක සිරුර බහා පස්වලින් වසා දැමීම සාමාන්‍ය සිරිතයි.

ඉන් අනතුරුව පස් ගොඩ මත කටුවර්ග සිටුවීම සිදුකරයි. එලෙස කටු වර්ග සිටුවන්නේ හිවලුන් වැනි සතුන් වළ හෑරීම වළක්වනු පිණිසය.

“වැද්දන් මිනී වළක් මත තටුවක් තබා ඒ මත ගොක් අත්තක් අතුරයි. තටුවේ හතර කොණේ පොල්මල් කිනිති ගැට ගසා ඇත. මිනිය වැළලූ විට හිස ඇති පැත්තේ බිඳින ලද පොල්ගෙඩි තුනක් ද කුඩා ලී කැබැලි ගොඩක් ද තබා ඇති අතර පාද තිබෙන පැත්තෙහි බිඳ දැමූ සහ නොබිඳුණු පොල් ගෙඩියක් තබා ඇත. මිනී වළෙහි හිස, කඳ මැද සහ පාද කෙළින් සිටින සේ මිනීවළ මත පතොක් පඳුරු තුනක් සිටුවා ඇත. මරණයට පත්ව තිබ‍ුණේ වැදි කාන්තාවකය. ඇගේ සිරුර රෙදිවලින් ‍ඔතා ගෙ වටා පබළු මාලයක් ද දමා තිබූ අතර අඩි තුනක් හෝ හතරක් ගැඹුර වළ හාරා මිනිය වළලා තිබිණි.” යනුවෙන් වෛද්‍ය චාර්ල්ස් ගේබ්‍රියල් සෙලිග්මාන් විසින් 1907 – 1908 කාලයේ දී වැද්දන් පිළිබඳ කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසු Vadda’s නමින් ලියා ඇති ග්‍රන්ථයේ සටහන් කර ඇත.

නමුත්  1970 දශකයේ අවසානයෙන් පසු වැදි නිවසක මරණයක් සිදු වූ විට දේහය ගස් පොතුවලින් ආවරණය නොකර පෙට්ටියක බහාලීම සිදුකරන තත්වයට ඔවුන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර වෙනස් වී තිබේ.

දැන් අවමංගල්‍ය චාරිත්‍ර සිංහල බෞද්ධ ක්‍රමයට සමානව සිදුවෙයි. එය අදවනවිට බෞද්ධ භික්ෂූන් වහන්සේලා කැඳවා පින් අනුමෝදන් කරන තරමට ම වෙනස් වී තිබේ.

නමුත්, වැදි රැහේ අයකු මියගිය විට මියගිය සැණින් සතකු වී උපදින බව වැදි ජනතාවගේ විශ්වාසයයි. එමෙන්ම මියගිය තැනැත්තාගේ ආත්මයට පුද පූජා පැවැත්වීම සිදුකරයි. එය නෑ  යකුන් පිදීම ලෙස අතීතයේ සිට හඳුන්වා ඇත.

මියගිය ඇත්තන් වෙනුනේ භික්ෂූන් වහන්සේලාට දන් පිරිනමා පින්දෙන වැද්දෝ මියගිය අය උදෙසා යකුන්ට පිදේනි පිදීම ද සිදුකරති.

මියගිය තම ඥාතියා යකකු හෝ යකින්නියක වී ඉපදී තන්ගේ යහපත හෝ අයහපත සළසන බව ඔවුන් තවමත් විශ්වාස කරයි. එබැවින් ඔවුන් නිතරම තම මියගිය ඥාතීන් වෙනුවෙන් පුද පූජා පවත්වා ඔවුන්ට පින් දීමෙන් සකුන් සතුටු කිරීම අදටත් ශේෂව පවතින දෙයකි.

දඩයමේ යන විටත්, ගැබිනි මවකගේ දරු ප්‍රසූතියේ දීත් යකුන්ට භාර වන්නට ඔවුන් අමතක කරන්නේ නැත. ඒ සම්ප්‍රදායිකවය.

දැන් වනයේ හුදකලා වූ ජන වර්ගයක් නොවන වැද්දන්ගේ ආගමික විශ්වාස සහ ඇදහිලි ද ක්‍රමයෙන් වෙනස් වී තිබේ. තම මියගිය ඥාතීන්ගේ භූතාත්ම හෙවත් නෑ යකුන් ඇදහීමේ සිරිත ඔවුන් තවදුරටත් ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යන්නේ නැත.

ඔවුන් සියලු දෙනාම පාහේ බුදු දහම අදහමින්, බොදු වත් පිළිවෙත් පිළිපදිති. දරුවන් දහම්පාසල් පවා යන අතර පාසල්වල දී බුද්ධාගම ද ඉගෙන ගනිති. සසුන්ගත වූ වැදි දරුවෝ ද සිටිති.

ඡායාරූපය දඹානේ චතුර විසිනි
හිස තෙල්ගෑමේ මංගල්‍යයේ දී ගත් ඡායාරූපය – බිංතැන්නේ වංහුං Blog අඩවියෙනි

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.

බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්

නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි...

ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ අද (18) අළුයම ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය...

වරාය නගර ආයෝජනයෙන් කොටස් වෙළඳ පොළටත් තල්ලුවක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 24,577ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,801ක් ලෙස සටහන් විය. දිනයේ...

ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව...

දරුවන්ට එන්නත් දෙන හැටි රජය කියයි

කොරෝනා මර්ධනය කිරීම සදහා මෙරට වයස අවරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!