spot_img
spot_imgspot_img

කොළඹ මල් ශාලා PCR නැතිව මළ සිරුරු භාර නොගනී. මරණ පරීක්ෂක නිදහස් කළ මරණයක් කොරෝනා ආසාදිත බව පසුව හෙළි වෙයි

පුවත්

විදෙස්

මරදානේ නිවසක මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පීසීආර් පරීක්ෂණයකින් තොරව හදිසි මරණ පරීක්ෂකවරයකු විසින් නිදහස් කර තිබුණ ද අවමංගල්‍යශාලාවින් භාර නොගැනීම හේතුවෙන් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණයක් අනුව එම පුද්ගලයා කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මරදාන පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි. නිවසක මරණයක් සිදුවූ අවස්ථාවක දී එම මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිතව සිටි අයකු නොවේනම් හෝ එම නිවසේ කිසිවකු නිරෝධායනය නොවන්නේ නම් සිරුරු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු නොකරන ලෙස රජය චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.

ඒ අනුව පසුගිය මාස කිහිපයේ ම නිවෙස්වල මියගිය පුද්ගයන්ගේ මළ සිරු බොහොමයක් පීසීආර් පරීක්ෂණවලින් තොරව මියගිය පුද්ගලයන්ගේ රෝග ඉතිහාසය සළකා බලා හදිසි මරණ පරීක්ෂකවරුන් විසින් නිදහස් කෙරිණි.

මෙම මරණය ද එලෙස මරණ පරීක්ෂකවරයා විසින් නිදහස් කිරීමෙන් පසු ඥාතීන් සිරුර මල් ශාලාවකට භාරදීමට උත්සාහ ගෙන තිබිණි.

නමුත් කොළඹ සියලු මල්ශාලාවලින් දන්වා ඇත්තේ එම සිරුර පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකර නොමැතිනම් තමන්ට භාරගත නොහැකි බවයි.

අවසානයේ එම සිරුර කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට ගෙනවිත් පීසීආර් පරීක්ෂණයක් කර තිබේ.

අද (04) සවස එහි ප්‍රතිඵල ලැබුණු අතර එයින් තහවුරු වූයේ හදිසි මරණ පරීක්ෂකවරයා රජයේ චක්‍රලේඛයට අනුව ඔහුට පැවරෙන බලතල ප්‍රකාරව නිදහස් කරන ලද මරණය කොරෝනා ආසාදිත බවයි.

මෙම චක්‍රලේඛය නිකුත්කළ අවස්ථාවේ දී එම චක්‍රලේඛය දෝෂ සහගත බවත් එහි අභිප්‍රාය වන්නේ මෙරට නිවෙස්වල සිදුවන ‍මරණ කොරෝනා බව හඳුනාගැනීමේ අවස්ථාව අහිමිකිරීම බවත් පවමින් ග්‍රාම නිලධාරීවරු, උප්පැන්න විවාහ හා මරණ රෙජිස්ට්‍රාර්වරු සහ හදිසි මරණ පරීක්ෂකවරු ද විරෝධය පළ කළහ. නමුත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අවශ්‍ය බවට මරණ පරීක්ෂකවරුන්ගේ online සාකච්ඡාවක දී අවධාරණය කර තිබිණි.

මේ වනවිට කොළඹ මල් ශාලා පීසීආර් පරීක්ෂණ නොකළ මළ සිරුරු භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටියි.

මෙම මරණය කොරෝනා මරණයක් බැවින් බොරැල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!